දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (25)වන දින රාත්‍රී 11.30 ට පමණ  දොඩංගොඩ හා ගැලනිගම අතර 31.7 ආර්
ස්ථානයේදී මාතර දෙස සිට කොළඹ

දෙසට ධාවනය වූ ජීප් රථයක් එම දිශාවටම ඊට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් ජීප් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර රියදුරු හා එක් කාන්තාවක් නාගොඩ රෝහලටත්, කාන්තාවන් දෙදෙනෙකු බණ්ඩාරගම රෝහලටත්, අනෙක් කාන්තාව හොරණ රෝහලටත් ඇතුලත් කර ඇත. එහිදී බණ්ඩාරගම රෝහලට හා නාගොඩ රෝහලට ඇතුලත් කල කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇත.
මෘත ශරීරයන් බණ්ඩාරගම හා නාගොඩ රෝහල්වල මෘත ශරීරාගාරයන්හි තැන්පත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පොලීස් මුරපල වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.