ඊයේ නිකුත්වූ ගැසට් පත්‍රය ප්‍රකාරව අද (19) සිට ඉදිරි ජනපතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයින්ට ඇප මුදල් තැන්පත් කළ හැකි වන අතර තරග කිරීම සඳහා 50000 මුදලක් අය කෙරේ. එය නැවත ලැබෙන්නේ
ජයගතහොත් පමණි.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා ඇප මුදල් තැන්පත් කිරීමේ ආරම්භක දිනය වූ අද

දිනයේ තිදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.
ජාතික මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ ස්වාධින තරගකරුවන් ලෙසත්  ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙන් අජන්තා පෙරේරා මහත්මිය ඇප මුදල් තැන්පත් කළ බවයි.