පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දුමින්ද නාගමුව අද (9)නම් කර තිබේ. ඔහු 2015
වර්ෂයේ
පැවති ජනාධිපතිවරනයේදී ද පෙරටුගාමී පක්ෂය සහ තවත් වමේ පක්ෂ කිහිපයක එකමුතුවෙන් යුත් සන්ධානයකින් මැතිවරණයට තරග කර ඡන්ද 9941 ක් පමණක් ලබාගත්තේය.

මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන දුමින්ද නාගමුව 2004 සිට 2006 දක්වා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ලැබූ අයෙකි.