දියවන්නා ඔයෙහි කිඹුලකු ඊයේ (17) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ආසන්නයට පැමිණ සිටි බව වාර්තාවී තිබේ.

මේ දිනවල පවතින
අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දියවන්නා ඔයේ ජලමට්ටමද ඉහළ ගොස් තිබේ. ඔයෙන් ගොඩට පැමිණි මෙම කිඹුලා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ආසන්නයටම පැමිණ සිට ඇත.

පාර්ලිමේන්තු සේවකයකු ඒ දෙසට යද්දී මෙම කිඹුලා දියවන්නා ඔයෙහි ඈතට පීනා යන අයුරු දක්නට ලැබිණි.

මීට පෙර දියවන්නා ඔය ආසන්නයේ තිබී කිඹුල් බිත්තර කිහිපයක්ද සොයා ගෙන තිබිණි.