ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා  කැලණිය ප්‍රාදේශීය සභාවේ පැවැති ජනහමුවකදී
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවැසීය.

“බටහිර බලවතුන්ගේ මූලිකම අරමුණ රාජපක්ෂ නාමය වසා දැමීම අපි හොඳින්ම තේරුම් ගත්ත නිසයි බටහිර
අයගේ වුවමනාවේ ප්‍රතිවිරුද්ධ පැත්ත නිතරම තෝරා ගන්නේ. එදා 2015 ජනාධිපතිවරයේදී සිංහල
බෞද්ධයා 58%ක් මහින්ද රාජපක්ෂටයි ඡන්දේ දුන්නේ. ඒකයි එදා ජනතාව මැදමුලනට ගියේ
ජනතාවගේ
නායකයා සොයාගෙන.
රනිල්ට ඇමෙරිකාව නැතිව බෑ. ඇමෙරිකාවට රනිල් නැතිව බෑ. සත්‍ය මේකයි. පබාට පැරැදුණු කෙනෙක්
දාන්න හදන්නේ. රෙද්ද බැනියම අඳින සද්ගුණවත් බෝධිසත්ව ගුණෝපේත සිංහල බෞද්ධ නායකයෙක්ලු. ඔය
කියන කෙනාගේ බෝධිසත්ව ගුණය ජනතාව දැක්කා දින 51 ආණ්ඩුව කාලේ. සුදු ඇඳගත්ත සද්ගුණවත් අයගේ
ඇත්ත හෙළිවෙන්නෙ ඒ වගේ වෙලාවට.

මේ වෙන කොට සජිත් මඟුල් කාඩ්පත් බෙදමින් රට පුරාම ගියාට රනිල් මනමාලිව පන්නගෙන ගිහින් ඉවරයි.
සජිත්ගෙ නෝනාට ආර්යාව වෙන්න තව සංසාර කිහිපයක් බලන් ඉන්න වෙනවා. අද උතුරු නැඟෙනහිර
ජනතාවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට එකඟව සිටිනවා. මේ එළඹෙන්නේ අවසන් අවස්ථාවේ
අන්තවාදය පරදවා මාතෘභූමිය එක්සේසත් කිරීමට. එකා මෙන් එකතු වී අසහාය නායකයාට සහාය දෙන්න
කියලයි අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ.”


කැලණිය - කුසුම් එස්. හැන්නදි