ඩෙංගු මදුරුවන් බෝ කළැයි දෙහිවල සත්වෝද්‍යානයේ ඉදිකිරීම් භූමියක් පවත්වාගෙන ගිය  කොන්ත්‍රාත්කරුවකු ඇතුළු හයදෙනකුට රුපියල් පන්දහස බැගින් 35000ක දඩ මුදලක් ගෙවන්නැයි ගල්කිස්ස
මහේස්ත්‍රාත් සී.එම්.ජී.
ලියනගේ මහතා පසුගියදා නියෝග කළේය. මෙලෙස දඩ නියමවූ සෙසු හයදෙනාගෙන් ද සිවු දෙනෙක්ම ඉදිකිරිම් කොන්ත්‍රාත්කරුවෝ වෙති.

ඉදිකිරීම් භූමිවල නොසැලකිලිමත් ලෙස ප්ලාස්ටික් භාජනවල, පොලිතින් උරවල හා වෙනත් විවිධ දෑවල ජලය රැදී දිගු කාලයක් පැවතීම නිසා මෙලෙස මදුරුවන් බොවීම සිදුවන බව ද එය ගැටලුවක් බවට පත්වී ඇති බව ද දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. ශාන්ත ද සිල්වා මහතා කරුණු දක්වමින් පැවසීය.

දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දෙහිවල ඇලන් ඇවනිට් මාවන, ගල්විහාර පාර ඇතුළු ප්‍රදේශ රැසක සිදුකළ මෙහෙයුමක දි මදුරු කීටයන් සහිත මෙම ස්ථාන සොයාගෙන ඇත. දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. ශාන්ත ද සිල්වා මහතා පැමිණිල මෙහෙය විය.

-මුදිතා දයානන්ද-