සැමියයි බිරියයි අනියම් පෙම්වතියයි දඹුල්ල නගර මධ්‍යයේ ගුටි ඇන ගනිද්දී එම තිදෙනාම පෙරේදා (4) පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. කාන්තාවන් දෙදෙනෙකු සහ පිරීමි අයෙකු දඹුල්ල නගර මධ්‍යයේ එකට ගුටි කෙළියක යෙදී සිටින බවට දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට
පිටත්ව ගොස් තිබීමිදි තිදෙනාගේ ගැටුම සමථයකට පත්කිරීම සඳහා පොලිසිය උත්සාහ කළ ද පිරිමි පුද්ගලයා පොලීසියට ද පහර දෙන්නට උත්සාහ කිරීමත් සමඟ තිදෙනාම පොලිසියට රැගෙනවිත් ඇතැයි පොලිසිය කියයි.

වයස අවුරුදු හතළිහක් වූ පිරිමි  පුද්ගලයා කැකිරාව ප්‍රදේශයේ පදිංචීකරුවෙකි.
වයස අවුරුදු 38ක් වු  කාන්තාව ඔහුගේ බිරිය බව පොලීසිය කියයි. වයස අවුරුදු තිස් හයක් වු අනෙක් කාන්තාව ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පදිංචී මෙම පිරිමියාගේ අනියම් පෙම්වතිය බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

පිරිමි පුද්ගලායා සමග බද්දේගම ප්‍රෙද්ශයේ තරුණිය මුහුණුපොත හරහා ආදර සබඳතාවක් පවත්වාගෙන ගොස් තියන බවත් ඔවුන් මුහුණුපොත හරහා  ලබා දී ඇති පණිවිඩවලින් පෙරේදා (4) දින දඹුල්ලු නගරයේ එක්තරා ස්ථානයක මුණගැහිම සදහා කතා කොට ඇතිබයවත් පොලිසිය කියයි.

නිවසේ සිටී කාන්තාවට ද මේ බව  සැක සිතී ඇය ඇප් එකක් උපයෝගී කරගෙන සැමියා ඉන්න ස්ථානය සොයාගන කැකිරාවේ සිට දඹුල්ලට පැමිණි ඇත. බිරිය එම ස්ථානයට එන විටත් බද්දේගම ප්‍රදේශයේ පදිංවී තරුණියක සමඟ තම සැමියා පෙම් බස් දොඩමින් සිටිනු දැක තිදෙනා අතර ගැටුම් ඇති වී යයි පොලිසිය කියයි.

දෙදෙනාම ප්‍රශ්නය විසඳාගැනීමට නොහැකි වු තැන කලකෝලාහල කිරීම යටතේ සහ මහජන පීඩාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය කියයි.

ජංගම දුරකතන හරහා මුහුණු පොත හරහා ආදරවන්තයන් බවට පත්ව ඔවුන් පැමිණෙන්නැයි කියන
ස්ථානවලට ගමන් කිරීමේදී දැඩි ලෙස පරස්සම් වියයුතුයැයි දඹුල්ල මූලස්ථානය පොලිස් පරික්ෂක එස්.පී. එදිරිසීහ මහතා සඳහන් කළේය.

-කාංචන කුමාර ආරියදාස-