https://www.gossiplankanews.com/2019/09/chandrayaan-2-failed.html
සුගිය කාලයේ ඉන්දියානු අභ්‍යවකාශ තාක්ෂණයේ ඉහළ ජයග්‍රහණයක් ලෙස සලකමින් සඳ වෙත ගොඩබා රෝවරයක් ධාවනය කරන්නට සූදානම් කර තිබුණ චන්ද්‍රයාන් -2 මෙහෙයුම ඉතා අවාසනාවන්ත ලෙස ඊයේ රාත්‍රී අසාර්ථකවී අතහැරදමන්නට සිදුවිය.
සඳට කිලෝමීටර 2.1 ක් පමණ ආසන්න අවස්ථාවකදී
යානය සමග සන්නිවේදන සබඳතා නතරවූ බව ඉන්දීය අභ්‍යවකාශ මැදිරිය දැනුම් දුන්නේ ඉන්දීය අගමැති මෝදිවද එතැනට ගෙන්වා සඳමත ගොඩබෑම ජයග්‍රාහි ලෙස සමරන්නට ඔන්න මෙන්න කියා තිබූ අවස්ථාවකදීය.

සඳ මත රෝවරයක් ධාවනය කරවීමට ඉන්දියාව දැරූ 

ඓතිහාසික උත්සාහය ගොඩබෑමට පෙර අසාර්ථක වූයේ මන්දැයි දත්ත විශ්ලේෂණය කරමින් පවතී යැයි ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති කේ. සිවන් මහතා පැවසීය.

 බැංගලොර් නගරයේ පාලක මැදිරියට ඊයේ රාත්‍රී අගමැති මෝදීද පැමිණ සිටි අතර සෙනසුරාදා දේශීය වේලාවෙන් අළුයම 1:55 ට  මෙම අසාර්ථකවීමේ සලකුණු ලැබී තිබේ. ඒ ගැන පසුව මෝදිව දැනුවත් කරන්නට අදාළ ප්‍රධානියා කටයුතු කළේය.
කෙසේ වෙතත් උත්සාහය අසාර්ථකවීමෙන් කණගාටුවට පත් නොවූ මෝදි විශේෂ පණිවිඩයක් සටහන් කර ඔවුන් අස්වසා තිබුණි.

'රට ඔබ ගැන ආඩම්බර වේ. ඔබේ සියලු වෙහෙස මහන්සි වී අපට යමක් උගන්වා ඇත ... හොඳම දේ බලාපොරොත්තුව ... ඔබ රටට හොඳින් සේවය කර විද්‍යාවට හා මානව වර්ගයාට හොඳින් සේවය කර ඇත"
 අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  පසුව පැවසීය.

මෙම උත්සාහය සාර්ථකවූයේ නම් සඳෙහි ගවේෂණය නොකළ ස්ථානයක් ලෙස සලකා තිබෙන දකුණු ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ පළමු රට බවට පත්වීමට ඉන්දියාවට හැකියාව ලැබෙනු ඇත.
මීට මාසයකට පමණ පෙර මිනිසුන් රහිතව ඉන්දියාව යවන ලද චන්ද්‍රයාන් 2 යානය මෙම පරියේෂණයේ යෙදෙන්නට උත්සාහ කර තිබුණි.