මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චන්ද්‍රසිරි ගජධීර මහතා අද සවස
අභාවප්‍රාප්ත විය. රෝගාතුරව

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට චන්ද්‍රසිරි ගජධීර මහතා 73 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වූ ඒ මහතා 1994 සිට පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
වෘත්තිය පූහුණු නියෝජ්‍ය ඇමති(2000-2001), ස්වදේශ කටයුතු කැබිනට් නොවන ඇමති (2007-2010), මූල්‍ය හා සැලසුම් නියෝජ්‍ය ඇමති (2010-2015) ඇමති ධූර ඔහු දැරුවේය.
ඔහුගේ අභාවය සමග සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 3 ක් මේ වනවිට හිස්ව පවතී.