බෝරා සමුළුවට සහභාගි වන තිස්දහසක් පමණ වන පිරිස ආහාර ගෙන ඉතිරිවන අපද්‍රව්‍යවලින් කොම්පෝස්ට් පොහොර සකසා සිංහරාජ වනාන්තරයට බැහැර කිරීමට නියමිත බව සමුළුවේ සංවිධායක​යෝ පවසති.
බම්බලපිටියේ පිහිටි හුසෙයිනි
මස්ජිද් පල්ලියේ දී මෙමස නමවැනිදා දක්වා බෝරා සමුළුව පැවැත්වේ.

සමුළුව පැවැත්වෙන කාලසීමාවේදී බම්බලපිටියේ පිහිටි හුසෙයිනි මස්ජිද් පල්ලියේ දී දිනපතා තිස් දහසකට දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය සකස් කෙරෙනු ඇත.

කසළවලින් තොර පරිසරයක් යන තේමාවද සමුළුවට අන්තර්ගත බැවින් පරිසරය පිරිසුදුව තබා ගැනීමට කටයුතු කරන බවද සංවිධායකයෝ පවසති.

බෝරා අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.
සාලිය කුමාර ගුණසේකර