දක්ෂිණ නගරාන්තර ගීඝ්‍රගාමී දුම්රිය පෙරේදා (24) ගමන් ආරම්භ කළ අතර එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා ළගා විමේදී දුම්රීයෙහි එක් මැදිරියක වැසිකිළියක් තුළ තිබූ ජල විදින උපකරණ කොටසක්
කිසියම් අයකු විසින් සොරකම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පවසති.

දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පෙරේදා (24) සිය මංගල ගමන සිදුකළ අතර ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ  ඉන්දීය කොමසාරිස් තරංජිත් සිං සිධු
මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදුකෙරීණි. ඉන්දියාවෙන් ආනයනය කරන ලද එස් 13 වර්ගයේ අති සුඛෝපභෝගී දුම්රියක් මෙලෙස යොදවා ඇති අතර එම දුම්රිය පෙරේදා පස්වරු 3.00ට මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර පස්වරු 6.15ට පමණ බෙලිඅත්ත දුම්රියට ස්ථානයට ළගා විය.

නව දුම්රිය බෙලිඅත්තට ළංගා වෙද්දී තෙවන පන්තියේ මැදිරියක් තුළ වැසිකිළියක සවි කර තිබු ජල විදින උපකරණයක කොටසක් කිසිවකු විසින් සොරකම් කර තිබූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරිහු පවසති. එස් 13 ටීසී 16539 මැදිරියෙහි වැසිකිළිය තුළ සවිකර තිබූ ජල  විදින උපකරණයක කොටසක් මෙලෙස සොරකම් තිබිණි.