කොම්පඤ්ඤවීදිය ඉදිකිරීම් වැඩබිමක ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රැදී සිටි ඉන්දීය ජාතිකයන් 44ක් අත්අඩංගුවට ගත් බව ආගමන විගමන වැටලීම් අංශය කියයි.

එම වැඩ බිමෙහි සේවය කරමින් සිටී තවත් ඉන්දීය ජාතිකයන් 18කගේ ගුවන් ගමින් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන ඇත.

ආගම විගමන නීති උල්ලංඝනය කරමින් ඉන්දීය ජාතිකයන් පිරිසක් කොම්පඤ්ඤවීදිය වැඩබිමක සේවය කරන බවට ලද රහසිගත තොරතුරක් මත දින
දෙකක කාලයක් ඒ පිළිබඳ සොයාබලා වැටලීම් කළ බඩ වැටලීම් අංශය කියයි.

අත්අඩංගුවට ගත් සියලුම ඉන්දීය ජාතිකයන්ගේ වීසා කාලය මාස දෙක තුනකට පෙර නිම වී අතැයි ද මොවුන් සචාරක වීසා මත මෙරටට පැමිණ සිටි බවද  පරික්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම පිරිසට මෙම කොන්ත්‍රාත් සමාගමෙන් වැටුප ගෙවා නැති බවට වැඩිදුරටත් අනාවරණය වූ බවත් ඔවුන් සියලු දෙනා වයස අවුරුදු 25-50 පසුවන්නන් බවත් වැටලීම් අංශය කියයි.

ආගමන හා විගමන පාලන ජනරාල් වසන්ත රත්නායක, පාලක හා  පර්යන්ත්‍ර පාලක ලසිත හිරුෂණ, නියෝජ්‍ය පාලක (විමර්ශන) එම්.පී.බී. කාරියවසම්, සහකාර විමර්ශන පාලක ප්‍රසස්න කුමාර, ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී චන්දිම මුණසිංහ මහත්වරු ඇතුළු පිරිසක් වටලීම් කළහ.

කොළඹ - එමි.සී. පෙරේරා