වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතරින් වසරකට එක පොතක් තබා පොතක භාගයක්වත් කියවන තුන් දෙනකුවත් සොයා ගැනීම අමාරු යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ දී පෙරේදා (15) පැවසීය.වත්මන් දේශපාලනඥයින් බොහෝ දෙනා පුවත්පතක හෙඩ්ලයින්
නැතිනම් තමාගේ ඡායාරූපයක් තිබේදැයි බලනවා හැර වැදගත් ලිපියක් කියවන්නේ නැතැයි කී හිටපු ජනාධිපතිවරිය තමන් දන්නා දේශපාලන නායකයින් කිහිපදෙනකු  ඔවුන් සහභාගි වු උත්සවක ඡායාරූපයක් හෝ පසුදින පුවත්පතේ පලවි නෝතිබුණොත් ඒ පුවත්පල මාධ්‍යවේදීන්ට දුරකථනය මඟින් කුණුහරුපයෙන් බනින බව ද කීය.

හිටපු ජනාධිපතිවරිය මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරේදා (15) පස්වරුවේ පැවැති 2019 වර්ණ පුස්තක සම්මාන ප්‍රදානෝත්සවය අමතමිනි.  ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් උත්සවය සංවිධානය කර තිබේ.

මෙහිදී කපිල කුමාර කාලිංග ගේ 'අදිසි නදිය' නවකතාවට ස්වර්ණ පුස්තක සම්මානය සහ මුදලින් රුපියල් 7,50,000ක් පිරිනැමිණි. එම නවකතාව ද ඇතුළත්ව අවසන් වරට නිර්දේශ වූ කත්‍යානා අමරසිංහගේ 'ධරණි', ශමෙල්
ජයකොඩිගේ චීනස්ගේ උපත, දීප්ති මංගලා රාජපක්ෂගේ "අවපෑලවිය සහ බටුවන්ගල රාහුල හිමිගේ "ගුම්" යන නවකතා පහ වෙනුවෙන් රුපියල් ලක්ෂය බැඟින් නෑහි මුදල් සහ සහතිකපත් පිරිනැමිණි.
හිටපු ජනාධිපතිනිය මෙසේ ද කීවාය.

නවකතා රචනා කිරිම මිනිස් ශිෂ්ටාචාරයේ උච්චතම අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. ඈත අතීතයේ සිටම අප ලිවිම අගය කරපු ජාතියක්. එහි නිරත වූ සමාජයක්. මහා වංශය මගින්  අපේ ඉතිහාසය ලෝකයාට කියා පානවා. එහි වැඩියෙන් තිබෙන්නේ රජවරුන්ගේ වරණනාව. ඒ කෙසේ වෙතත් අපේ හිෂ්ටාචාරය ලියා තැබීම එමඟින් සිදුව තිබෙනවා.

මේ කලාව දිගින් දිගටම පැවතුණා. අපේ රජවරු පවා කාව්‍ය ග්‍රන්ථ රචනා කර තිබෙනවා. මේ ලේඛන කලාව දිඟින් දිගටම පවත්වා ගෙන යාමට නම් රජයේ අනුග්‍රහය අවශ්‍යයි. ඒවගේම ඒ සඳහා පෞද්ගලික අංශයේ සහායත් අවශ්‍යයි.මේ  කෙරෙන කාර්යය සඳහා පෞද්ගලික අංශයේ බැංකුවක් අනුග්‍රහය දක්වා තිබීම අගය කරනවා.

1994 මගේ රජය බලයට පත්වූ වෙලාවේදී පොත් මුද්‍රණය කිරිමට ගෙන්වන කඩදාසී සඳහා බදු අය කිරීම සම්පුර්ණයෙන් ඉවත් කළා. නමුත් දැනට එය නැවතත් ක්‍රියාත්මක වෙන නිසා එය මෙම රජය විසිනුත් ඉවත් කළ යුතු යැයි මා සිතනවා.මේ සඳහා ගෙන්වන තීන්ත පවා බදුවලින් නිදහස් කළ යුතුයි.

පුවත්පත්වලට සහ පොත් මුද්‍රණය සඳහා ගෙන්වන කඩඳාසි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුණා. නමුත් අපි එය සාර්ථක අන්දමින් විසඳුවා. සිරිතක් වශයෙන් පොත්පත් කියවන හා නොකියවන ළමයින් සහ පුද්ගලයන් අතර විශාල වෙනසක් තිබෙනවා. මෙතැන පෙන්නු විකට ජවනිකාවන් පවා පිළිබිඹු කළේ නුගත් මෝඩ දේශපාලනඥයන් ගැනයි.

බොහෝ දෙනකුට වැඩිය මට එවැනි අය  සමග පුළුල් සම්බන්ධයක් ඇසුරක් තිබුණා. මට මේ ගැන එක් දෙයක් කිව හැකියි. මගේ පෞද්ගලික අත්දැකීමට අනුව අද පාර්ලිමේන්තුවේ සිටින අය අතරින් අවුරුද්දකට එක පොතක් තියා භාගයක්වත් කියවන මන්ත්‍රීවරු තුන්දෙනෙක්වත් සොයා ගන්න‍ අමාරුයි. ඒක හැමෝම දන්න දෙයක්. මගේ කැබිනට් මණ්ඩලයේ මුලින් හිටියේ විසි  දෙනයි.

ඉන්පසු එය ක්‍රම ක්‍රමයෙන් 40 දක්වා වැඩිවුණා. ඒ අය අතරින් සිරිතක් වශයෙන් කියවන අය සිටියේ දෙන්නේක් නැතිනම් වැඩිම වුණොත් තුන් දෙනෙක් පමණයි. මට මගේ අත්දැකීම් අනුව මගේ දරුවගෙනුත් අනික් අයගේ දරුවන් අතරිනුත් පොත් කියවන  අය අනිත් අයට වැඩිය ඉගෙනීම අතින් දියුණුවක් පෙන්වනවා. අද අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පොත් කියවීමේ රුචිය ඇති කිරිමට වෑයමක් දරන්නේ නැහැ.

අපි පාසල් ගිය කාලේ එහෙම නොවෙයි. වත්මන් අධ්‍යපන ක්ෂේත්‍රය තුළ කියවීමේ රුචිය ඇති කිරිමේ යම් විෂය ගත වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා කියලා මට දැන ගැනීමට ලැබි තිබෙනවා. හරියටම දන්නේ නැහැ. හොයලා බලන්න ඕන අද දරුවන් පොත් කියවීම විශාල වශයෙන් අතහැරලා.

මුද්‍රිත පොත් කියෙව්වේ නැතත් නුතන තාක්ෂණය හරහා අන්තර්ජාලය මඟින් මොනවා හරි කියනවා නම් ඒකත් ලොකු දෙයක්. එහෙමත් නැහැ. ෆෙස් බුක් එකෙන් වෙන අනම්මනම් පොඩි දේවල් බලනවා මිසක් වැදගත් දෙයක් කියවන්නේ නැහැ. පත්තරයක්වත් හරියාකාරව බලන්නේ නැහැ. මට අපේ දේශපාලනඥයෝ පුවත්පත්වල හෙඩ්ලයින් බලනවා නැතිනම් තමාගේම පින්තූරයක් තියෙනවද කියලා බලනවා මිසක් පත්තරයේ ඇතුළේ ලිපිවල වැදගත් දේවල් කියවන්නේ හෝ බලන්නේ නැහැ. මම දන්න නායකයින් කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන් සහභාහි වු උත්සවයක පින්තූරයක් පල වෙලා තිබුණේ නැත්නම් සියලු මාධ්‍යවේදීන්ට ටෙලිෆෝන් කරලා කුණු හරුපයෙන් බනිනවා.

මං ජනාධිපති ධුරය දැරූ කාලයේ පැය 15ක් වැඩ කළා මුල් කාලයේ. ඊට පස්සේ ටිකක් අඩු වුණා. කෙසේ වෙතත් රෑ 11ට පමණ වැඩ ඉවර වෙලා පාන්දර දෙක හමාර වෙනකම් මොනවා හරි කියවනා. හැමදාමත් නොවෙයි. එහෙම කරලත් අවුරුද්දකට පොත් දෙක තුනකට වඩා කියවන්න ලැබුණේ නැහැ. දැන්නම් ඉතින් හොඳට කියවන්න වෙලාව තිබෙනවා. මම මෙහිදී මෙම පොත් කතුවරුන්ට හා පොන් ප්‍රකාශකයින්ට යෝජනා කරනවා පොත් කියවීමට ජනතාවගේ රුචිය වැඩිකිරීම සඳහා රජයට වැඩ පිළිවෙළක් යෝජනා කරන්න කියලා. මිළඟ අය වැය ලේඛනය සඳහා එම යෝජනාව දෙන්න.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සහාපති විජිත යාපා මහතාය.  ස්වර්ණ පුස්තක ලේඛනය සම්මාන උලෙලට අද අප සුදානම් වෙද්දී මාධ්‍ය කිහිපයකින් මැසිවිලි නගන බව පෙනෙනවා. එක් පුවත්පතක් සම්මාන එපා කියලා ලොකු අකුරෙන් පළ කර තියෙනවා. සම්මාන එපා කිය කියා මැසිවිලි නගන්නේ බෝහෝ විට හෝ තමන්මගේ සගයාගේ පොත සම්මාන සඳහා නිර්දේශ නොවී ඇති විටයි.

මැතිවරණයක දී ජයගත්තේ වැඩියෙන් ජනප්‍රිය අය නොව වැඩියෙන් ඡන්දය ලබන අයයි. සෑම දෙයටම කෑමොර ගසන පිරිසක් සිටීම ස්භාවිකයි. දැන් නව තාක්ෂණය හරහා නොයෙකුත් ප්‍රචාර ගෙන යනවා. විනිශ්චය මණ්ඩල මරා ගැනීම ද ලෙහෙසි පහසු නෑ.එක් වරක් අප පුවත්පත් දැන්වීම් හරහා විනිශ්චය මණ්ඩලවලට අය යෝජනා කර දන්වන ලෙස ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර ලැබුණේ එක් අයකුගෙන් පමණයි. කෝලිතභානු දිසානායක සහ සුභානි අමරදේවගේ ගීත ගායනයෙන් හා චන්දන වික්‍රමසිංහයන් රංගංයතනයේ ඉදිරිපත් කළ නර්තන අංගවලින් සහ අජිත් ලොකුගේ ඇතුළු රංගන ශිල්පීන් ඉදිරිපත් කළ ප්‍රසංග නාට්‍යයකින් උළෙල රසවත් කෙරිණි.


-ආරියරත්න රණබාහු-