මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් නසර් මොහොමඩ් අසාද් නම් ත්‍රස්තවාදියාගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භූමියේ භූමිදානය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් විරෝධතාවක් එල්ල වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර එය යළි ගොඩගන්නට නියෝග නිකුත්ව තිබුණි.
එළැඹෙන සඳුදා දිනයේදී ගෙඩ ගෙන එය භූමිදානය කරන නිශ්චිත ස්ථානයක් හඳුනා ගන්නා ලෙස මඩකලපුව දිස්ත්‍රික් ලේකම්ට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
එතෙක් හිස කොටස පොලිස් ආරක්ෂාව යටතේ මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබන ලෙසද අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්  එල්ල කළ මොහොමඩ් නසර් මොහොමඩ් අසාද්

නම් ත්‍රස්තවාදියාගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් 28දා සිදුකළ උද්ඝෝෂණය නිසා ප්‍රදේශයේ නීතිය හා සාමය බිඳ වැටීම හා මාර්ග තදබදයක් අනිසි ලෙස ඇති කිරීමේ වරදට
ඊට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් සහ තවත් සිව් දෙනකුට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබූ අතර ඔවුන්ගේ මතය වූයේ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත විශාල ගණනක් නැති කළ පසුව එම ත්‍රස්තයාගේ සිරුර එම ප්‍රදේශයේම මිහිදන් කිරීම අපහාසයක් බවයි.

මොහොමඩ් නසර් මොහොමඩ් අසාද් නම් ත්‍රස්තවාදියාගේ හිස කොටස මෙතෙක් කල් මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබූ නමුත් එය කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට කටයුතු කළ බව අසා මේ අය විරෝධතාවේ නියුතු විය.
මේ වනවිට මහජන මතයට හිස නමමින් අධිකරණය මගින් එම ගැටලුව නිරාකරණය කර තිබේ.