https://www.gossiplankanews.com/2019/08/wele-suda-boossa-mother-complain.html#more
ත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි තම පුතාව පසුගියදා බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇති බවත් එහිදී ඔහුගේ ජීවිතයට යම්කිසි හානියක් සිදුවුවහොත්
බන්ධනාගාර කොමසාරිස්වරයා ඊට මුළුමනින්ම වගකිවයුතුව ඇති බවත් දන්වමින් වෙලේසුදාගේ මව
ඊයේ පෙරවරුවේ (26දා) බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියේ ප්‍රකාශකයකු කියා සිටියේ එවැනි පැමිණිල්ලක් පොලිසිය
වෙත ලැබී ඇති නමුත්

වෙලේසුදා නමැත්තා මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බැවින් ඒ
සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බොරැල්ල පොලිසියට හැකියාවක් නොමැති බවයි. එකී පැමිණිල්ල වෙලේසුදා
රඳවා තිබෙන ප්‍රදේශයට අයත් රත්ගම පොලිස් ස්ථානය වෙත ඊයේ පස්වරුවේ යැවීමට පියවර ගත් බවද
ඔහු පැවැසීය.
 වෙලේසුදාගේ මව විසින් ඉරිපත් කර තිබූ එකී පැමිණිල්ලේ පිටපතක් බන්ධනාගාර කොමසාරිස්
ජනරාල්වරයාගේ දැනගැනීම සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙන බවද පොලිසියෙන් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසීමේදී කියා සිටියේ මත්කුඩු ජාවාරම් කිරීම, සංවිධානාත්මක අපරාධ සිදුකිරීම, සම්බන්ධයෙන් දඬුවම් ලැබ සිටින සිරකරුවන් ආරක්ෂිත ස්ථානයක රඳවා තැබීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කර තිබූ පැමිණිල්ලකට අනුව වෙලේසුදා ඇතුළු එවැනි සිරකරුවන් 20කට වැඩි පිරිසක් පසුගියදා බූස්ස බන්ධනාගාරය වෙත යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ බවයි.