පසුගිය දින කිහිපය පුරා ක්‍රිකට් ක්ෂෙත්‍රයේ වඩාත් කතා බහට ලක්ව තිබූ ඉන්දීය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පුරප්පාඩුව මේ වනවිට පුරවා ඇත.විවිධ කටකතා පැතිරුණ නමුත් අවසානයේ හිටපු පුහුණුකරු රවී ශාස්ත්‍රිම නැවතත් ප්‍රධාන පුහුණුකරු බවට පත්කරන්නට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

රවී ශාස්ත්‍රි 2021 වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලීය තෙක් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.මහේල ජයවර්ධන පුහුණුකරු කරන්නට යන බවට රාවයක්ද පැතිර තිබුණත් එවැන්නක් සිදුවූයේ නැත.
ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධුරය වෙනුවෙන් තේරී පත්ව තිබූ අවසන්

පුහුණුකරුවන් තිදෙනාගෙන් දෙවැනි ස්ථානය නවසීලන්න ජාතික මයික් හෙසන්ටත්, තෙවැනි ස්ථානය ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩිටත් හිමිවී තිබිණි.
මේ අතර ප්‍රධාන පුහුණුකරු ධුරයට සුදුස්සකු සෙවීමේ මෙහෙයුමක නිරතවී සිටි බංග්දේශ ක්‍රිකට් පාලක මණ්ඩලයත් එම ක්‍රියාවලිය සාර්ථකව නිමා කරමින් දකුණු අප්‍රිකානු ජාතික රසල් ඩොමින්ගෝට වසර 2ක්සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් වගකීම පවරා දී තිබේ.
බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු ධූරය නැවතත් චන්දික හතුරුසිංහට ලබාදීමට කටයුතු සකස් වෙමින් පවතින බව වාර්තා පළවුවද ඔවුන්ගේ තේරීම් ලැයිස්තුවේ අවසන් පුහුණුකරුවන් තිදෙනා අතරට හතුරුසිංහගේ නම ඇතුළත්ව තිබුනේද නැත.