අධික නියඟය නිසා විල්පත්තුව වනෝද්‍යානයේ සිටින වන සතුන්ටද පානීය ජල හිඟයක්
හා ඔවුන්ට දාහය නිවා ගන්නට
දිය අගල් නොමැති තත්ත්වයක් උද්ගත වී තිබේ. මේ නිසා විල්පත්තු වනෝද්‍යානයේ සතුන් කලින් සිටි ස්ථානවලදී දක්නට නොලැබෙන අතර ඔවුන් වනෝද්‍යානයේ ජලය ඇති තැන් සොයා යමින් සිටිති.

විශේෂයෙන්ම මේ වනෝද්‍යානයේ සිටින මුවන් ගේට්ටුව අභියසටම පැමිණ සිටින අයුරු මේ දිනවල දැක ගත හැකිය.

දිනසේන රතුගමගේ