සෝනියා ගාන්ධි යළිත් වරක් ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ සභාපති ධුරයට පත්ව තිබේ.

පෙරේදා (10දා) පැය 12 ක් තිස්සේ පැවති කොංග‍්‍රස් පක්ෂයේ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව පක්ෂ සභාපති ලෙස සෝනියා ගාන්ධි පත් කිරීමට එකඟතාව පළවී තිබේ.


 ඒ අනුව වසර දෙකකට පසුව සෝනියා
යළිත් සභාපති ධුරයට පත්ව ඇත. ඇගේ පුතු රාහුල් ගාන්ධි පසුගිය මැතිවරණ පරාජයෙන් පසු පක්ෂ සභාපති තනතුරෙන් ඉවත් විය. පසුගිය ඉන්දීය මහා මැතිවරණයේදී කොංග‍්‍රස් පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 52 ක් පමණි.

 72 හැවිරිදි සෝනියා අභාවප‍්‍රාප්ත හිටපු අගමැති රජීව් ගාන්ධි සමග 1968 වසරේදී විවාහ වූවාය. ඇය 1997 දී ඉන්දීය දේශපාලනයට එක් වූ අතර එම වසරේදී කොංග‍්‍රස් පක්‍ෂ සභාපති ධුරයෙන් පිදුම් ලැබුවාය.