ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ සංවාදයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී වන අතර අවසානයේ හොඳම අපේක්ෂිකයා තෝරාගන්නා බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යංශයේ ඊයේ (20) පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදී පැවැසීය.ඇමෙරිකාව වැනි දියුණූ රටවල පවා
අපේක්ෂකයින් තෝරා
ගන්නේ තරගයකින් බවද එවැනි ක්‍රම සමහරුන්ට නොතේරීම වහල් තත්වයකැයිද එහිදි මංගල සමරවිර මහතා කීය.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා කීවේ පක්ෂයේ මන්ත්‍රීවරයකුට එරෙහිව විනය පරික්ෂණයක් පිළිබඳව තීන්දුවක් ගත යුත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මගින් වන බවය. පක්ෂයේ මහ ලේකම්වරයාට හෝ සභාපතිවරයාට හෝ එවැනි විනය තීන්දුවක් තනිව ගත නොහැකි බවද එහිදී මංගල සමරවීර මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මණ්ඩලය කිසිදු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් එවැනි විනය පියවරකට තීන්දුවක් ගෙන නැතැයි ද මංගල සමරවීර මහතා කිය.රටපුරා විශාල සංවර්ධනය වැඩපිළිවෙළක් මේ වන විට දියත් කර තිබෙන බවද ගම්පෙරළිය වැඩසටහන යටතේ ගම්වල යටිතල පහසුකම් රැසක් නැංවෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු ප්‍රතිශතයකින් වැටුප් වැඩිකිරීමක් ලබාදී තිබෙන බවද ජනතාවගේ ජීවන වියදම අඩු වී ඇතැයිද මංගල සමරවීර මහතා සඳහන් කළේය. මේ වන විට ඉන්ධන මිල අඩුකර තිබෙන බවද ඉකුත් ආණ්ඩුව සමයට වඩා අද වන විට ඉන්ධන මිල අඩු බවද ඇමැතිවරයා කීය.

-රංජන් කස්තුරි-