මාවනැල්ල නගරයේ උපකාරක පංතිවලට පැමිණෙන සිසුන්ගෙන් මුදල් අය කරගෙන මත්කුඩුවලින් සප්පායම් වූ බව කියන කල්ලියක් මාවනැල්ල පොදු ක‍්‍රීඩාංගණය අසලදී මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
ඇත.

අවුරුදු 18 ත් 19 ත් අතර වූ වයසේ පසුවන බව කියන
මෙම තරුණයන් කල්ලිය උපකාරක පන්තිවලට එන සිසුන් මෙන් සැරසී මාවනැල්ල නගරයේ සැරිසරමින් මෙම කප්පම් ගැනීම සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර මොවුන්ගෙන් එක් අයකු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අයකු බවටද අනාවරණය වී තිබේ.

වැලිමන්න, ඉහළ මාවෙල, හකුරුගම්මන, දෙහිමඩුව, නිකපිටිය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව කියන මෙම තරුණ කල්ලියේ දෙමව්පියන් මාවනැල්ල පොලිසිය වෙත ගෙන්වා ඔවුනට තරයේ අවවාද කොට පොලිස් ඇප මත මුදාහැර ඇති බව සඳහන් වේ.

මාවනැල්ල පොලිස් නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.

අරණායක - ගරුමුණි තිලකරත්න