ඉන්ධන මිල සඳහා වන මිල සූත්‍රය අනුව අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට
තීරණය කළ ද ඔටෝ ඩීසල්හි මිල
කිසිදු සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 02 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 04 කින්ද වැඩිකර තිබේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 03 කින් වැඩිකර තිබේ.