https://www.gossiplankanews.com/2019/08/tele-actor-stole-three-wheels-kalutara.html
හ මග නතර කර තිබෙන ත්‍රීරෝද රථ සොරාගෙන ඒවා ව්‍යාජ අයුරින් වෙනස් කර විකිණීමේ සංවිධානාත්මික ජාවාරමක නිරතවූ බවට සැකකෙරෙන ටෙලි නාට්‍ය නළුවකු ඇතුළු තිදෙනෙකු රුපියල් කෝටියකට අධික ත්‍රිරෝද රථ සමග ඊයේ (16) අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ ඒකකය කියයි.
එලෙස සොරාගත් ත්‍රිරෝද රථ දහ තුනක්
පොලිසිය සොයාගෙන ඇත. මීට වසරකට පමණ පෙර සිට රාත්‍රී බදුරලිය, පිළියන්දල, පානදුර, හොරණ, කැස්බෑව හා බොරැල්ල ආදි ප්‍රදේශවලින් මෙම ත්‍රිරෝද රථ සොරාගෙන තිබූ බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී හෙළිවූ බව පොලිසිය කියයි. මෙම ජාවාරම ප්‍රධාන සැකකරු වන ටෙලි නාට්‍ය නළුවා මහරගම ප්‍රදේශයෙන් සොයාගත් ත්‍රිරෝද රථයක් විකිණීම සඳහා අන්තර් ජාලයෙන් ප්‍රසිද්ධ කිරීමෙන් පසු නොරච්චෝල ප්‍රදශෙයේ පදිංචිකරු වකු මේ ගැන විමසා පසුව ඔහුව  දැන හඳුනාගෙන තිබූ බව පොලිසිය කියයි.

 එම දැනහැඳුනුම්කම වර්ධනය වීමෙන් පසු සැකකරු සොරාගත් සියලුම ත්‍රිරෝද රථ එම
සැකකරු වෙතට ඉතා අඩු මුදලට ලබා දී ඇතැයි පොලිසිය කියයි.
සොරා ගත් ත්‍රිරෝද රථවලින් බහුතරයක් ත්‍රිරෝද රථ සතිපොළවල් අසල නවත්වා තිබියදී සොරාගෙන තිබූ ඒවා බව පොලිසිය කියයි.
ධාවනයෙන් ඉවත් කරන ලද දහසය, දෙසීය, දෙසිය එක හා දෙක කාණ්ඩයේ ත්‍රිරෝද රථවල ලියාපදිංචි
සහතික විවිධ පුද්ගලයන් ඉතා අඩු මුදලට ලබාගෙන එහි සඳහන් චැසි හා එන්ජින් අංක සොරාගත් ත්‍රිරෝද රථයේ වැසි හා එංජිම ඇතුළත් කර වෙනස් කරමින් මෙම ජාවාරම සිදු කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඒ අයුරින් ත්‍රිරෝද රථ සොරාගත් ත්‍රිරෝදවලින් එකොළහක්ම නොරොච්චෝලේ සැකකරුට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
ඉතිරි ත්‍රිරෝද හලාවත,
පිළියන්දල. බණ්ඩාරගම ආදී ප්‍රදේශවල පුද්ගලයන්ට විකුණා තිබියදී සැකකරුගේ ප්‍රකාශ මත සොයා ගත් බව පොලිසිය කියයි.ෙ මෙම සංවිධානාත්මක ජාවාරමේ ප්‍රධාන සැකකරු පානදුර අධිකරණය අසලදි සැකපිට අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම හෙළි කර ගැනීමට හැකිව ඇත.මෙම ප්‍රධාන සැකකරු වන ටෙලි නාට්‍ය නළුවා කහතුඩුව පදිංචිකරුවෙකු වන අතර සෙසු පුද්ගලයන් දෙදෙනා හලාවත හා නොරොච්චෝලේ පදිංචිකරුවෝය.

වසරකට ආසන්න කාලයක් සිදු කර ගෙන ගොස් තිබූ ත්‍රිරෝද රථ ජාවාරමක් උපයා ගත් මුදල් සැකකරුවන් ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා යොදා ගනිමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර තිබූ බවද වාර්තාවිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තොරතුරු- බිමල් ශ්‍යාමන්