කොල්ලුපිටියේ, තර්ස්ටන් පාරේ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති නිල නිවෙස අසල රාජකාරි කරමින් සිටි ගුවන් හමුදා භටයකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඊයේ (31දා) දිවි හානි කර ගෙන තිබේ.

මෙලෙස දිවි හානි කරගෙන
ඇත්තේ ගම්පොළ හොරගොල්ලේ පදිංචිව සිටි 21 හැවිරිදි බී.ඩී.බී.එච්. වීරසේකර නමැති ගුවන් භටයකු බව පොලිසිය පවසයි.මොහු ගුවන් හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කටයුතු කරමින් සිට තිබේ.

ඊයේ පස්වරු 1.15ට පමණ මෙසේ වෙඩි තබාගෙන ඇති ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.කොල්ලුපිටිය පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු කරයි.පෙම් සබඳතාවක් බිඳවැටීම හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මුල් කර ගනිමින් මෙම ගුවන් භටයා දිවි හානි කරගෙන ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

-චාමර අමරසුරිය-