යුද හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මාධ්‍යවේදී “කීත් නොයාර්”

පැහැර ගෙන ගොස් පහර දී බරපතල තුවාල කිරීමේ සිද්ධියට අදාලව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් ඊයේ 22 වන ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගන්නා ලදී
අද 23 වන අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තවද 2008.06.03 වන දින කිරුළපන දී මාධ්‍යවේදි නාමල් පෙරේරාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද මොහු සැකකරන අතර, එබැවින් එම නඩුවට අදාලව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
කීත් නොයාර් සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුද ඇතුළුව අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 09කී.