ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක සිසුවියන් පිරිසක් විශ්වවිද්‍යාලයේ සුමංගල ශාලාව අසළට රැස් වී ඊයේ මධ්‍යම රාත්‍රියේ විරෝධතාවක නිරත වූහ.

ඒ, තම නේවාසිකාගාරයේ ආරක්ෂාව
ප්‍රමාණවත් නොවන බව පවසමිනි.
ඔවුන් පැවසුවේ, අවස්ථා ගණනාවකදීම තම නේවාසිකාගාරයට පිටස්තර පුද්ගලයින් ඇතුළු වූ බව ය.
ඊයේ රාත්‍රියේ ද පුද්ගලයෙකු නේවාසිකාගාරයට ඇතුළු වූ බවට ඔවුහු චෝදනා කළහ.
මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාළ නේවාසිකාගාරයට උපරිම ආරක්ෂාව යොදවා ඇති බව ය.
කෙසේ වෙතත් ඊයේ දිනයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලන ලෙස අදාළ නේවාසිකාගාරය භාරව සිටින කථිකාචාර්යවරියට දැනුම් දී ඇති බව ද උපකුලපතිවරයා ප්‍රකාශ කළේ ය.