රට ගැන සිතා හොරුන්ට මිනීමරුවන්ට කිසිවිට සහයෝගය ලබා නොදෙන බවත්, හදිසියේත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් එය ඉතා භයංකාර තත්වයක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා
බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (11) පැවසුවාය. "2015 එවකට තිබුණ රජය  බලයෙන් ඉවත් කරලා සන්ධාන රජය බලයට ගේන්න මිනිස්සු තීන්දු කිරීමට හේතුවක් තිබුණා.

අතිශයින් දූෂිත රජයක් තිබුණ නිසා රටේ ආර්ථිකය බංකොලොත් වෙලා තිබුණේ.  අතළොස්සක් ගජමිතුරන්ට සහ  බලයේ ඉන්න කිහිපදෙනාට ඇරෙන්න වෙන කාටවත් ඒ ආර්ථිකේ හරියාකාරව ලාභ ලැබුණේ නෑ. ඒ එක්කම ඒ දූෂණයට විරුද්ධ අයව මැරුවා. තවත් අයගේ අත් කැඩුවා. විවිධ අඩන්තේට්ටම්වලට භාජනය කෙරුවා. මාධ්‍යවේදීන්ට පාරවල් ගානේ මරලා දැම්මා. මම මිනිස්සු තේරුම් ගන්නේ ඒ අය කියන  වචනවලින් නෙමෙයි. ඒ අයගේ ක්‍රියාවලිය දිහා බලලා." යැයි ඇය වැඩිදුරටත් පැවසීය.