ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරි මණ්ඩලයක් පත්වීම ශ්‍රී ලනිපයේ පරණ ලේවලට අලුත් ලේ
එක්වීමක් බවත්, ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පත්කළ ඇතැම් ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්

ජනාධිපතිවරයාව විනාශ කළ නිසා ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බවත් එම මන්ත්‍රිවරුන්ගේ
පක්ෂ සාමාජිකත්වය අහෝසි කරනවාද නැද්ද යන්න පිළිබඳව ඔවුන්ව නැවත වරක් හමුවී කරුණු පවසන බවත් ශ්‍රී ලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
පක්ෂයේ විනය කමිටුව මේ වන විට ඉතා ශක්තිමත්ව ගොඩනඟා ඇති නිසා වෙනත් පක්ෂවලටත් කකුල් තබාගෙන සිටින පිරිස් සඳහා මේ වන විට පක්ෂයේ කිසිම ඉඩක් නැතැයිද මන්ත්‍රිවරයා පැවැසීය. 21 සියවසට
ගැළපෙන ශ්‍රී ලනිපයේ නව ප්‍රතිපත්ති මාලාව එළැඹෙන 3 වැනිදා ශ්‍රී ලනිප සංවත්සරයේදී
එළිදක්වන බවද දයාසිරි ජයසේකර මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
එම සංවත්සරයෙන් පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සමුළු 22ක් පැවැත්වීමට කටයුතු කරන බවද
එහි පළමු රැස්වීම ගාල්ලේදී පැවැත්වීමට කටයුතු කරන බවද පැවැසූ ජයසේකර මහතා ශ්‍රී ලනිපයේ නව
නිලධාරි මණ්ඩලයද මාධ්‍යට හෙළිකිරීමට ඊයේ (27දා) ශ්‍රී ලනිප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය
හමුවේදී කටයුතු කළේය.එම නව නිලධාරි මණ්ඩලය මෙසේය.

නව ජේ‍යෂ්ඨ උප සභාපති
  • මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
---------------------------
නව උප සභාපතිවරුන්

  • මහින්ද අමරවීර
  • ෂාන් විජේලාල් ද සිල්වා
  • මහින්ද සමරසිංහ
  • රංජිත් සියඹලාපිටිය
  • තිලංග සුමතිපාල
  • ලක්ෂ්මන් වසන්ත පෙරේරා
  • චාමර සම්පත් දසනායක
  • පේෂල ජයරත්න
  • ජීවන් කුමාරණතුංග
---------------------------
මාධ්‍ය ප්‍රකාශක
  • වීරකුමාර දිසානායක
----------------------------
ජාතික සංවිධායක

  • දුමින්ද දිසානායක  
---------------------------
උප ලේකම්වරු
  • සරත් ඒකනායක
  • ෆයිසර් මුස්තාෆා
  • නිශාන්ත මුතුහෙට්ටිගම
  • ධර්මසිරි දසනායක
  • ජගත් පුෂ්පකුමාර
  • ඉසුර දේවප්‍රිය


(වාර්තාව - ක්‍රිෂාන් පතිරත් ජයසූරිය)