සේනා දළඹු විශේෂය නැවත වරක් රජරට ප්‍රදේශයේ ගොවි බිම්වල ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව
පලුගස්වැව ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාසයට අයත් හොරිවිල ප්‍රදේශයේ ගොවීහු පවසති.

මේ දිනවල පලුගස්වැව හොරිවිල ප්‍රදේශයේ රටකජු, ලොකු ළූණු, බඩඉරිගු සහ කව්පි වගාව හි දළඹුවන් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තාවේ

පසුගිය වසරේ සේනා දළඹු මර්දනය වීමෙන් පසු දිවයිනේ කිසිම ප්‍රදේශයක සේනා දළඹුවන් ව්‍යාප්ත වීමේ තත්ත්වයක් වාර්තා නොවුණු අතර මෙම වසරේ පළමු වතාවට සේනා දළඹු ව්‍යාප්තිය හොරිවිල ප්‍රදේශයෙන් වාර්තා වීම විශේෂත්වයකි.