ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදී ඇත.

මරාගෙන මැරුණු සහරාන් හෂීම්

සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවැත් වූ අවස්ථාවේදී ඇය ඊයේ (15)දින මෙලෙස එම ප්‍රකාශය ලබාදී ඇත.

 එහිදී මොහොමඞ් සහරාන් නමැත්තාගේ බිරිඳ වන අබ්දුල් කාදර් පාතිමා කාදල් පාතිමා නමැත්තිය මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේදී පුරා පැය 02 කට අධික කාලයක් රහස් ප‍්‍රකාශයක් ලබාදුන් අතර ඇයගේ 04 හැවිරිදි දියණිය වන රුකයියා සහරාන් මෙන්ම මොහොමඞ් ඉබ‍්‍රහීම් ඉල්හාම් අහමඞ් නමැත්තාගේ පියා සහ සහෝදරයන් දෙදෙනාද සාක්‍ෂි ලබා දුන්හ.

 හදිසි මරණ පරීක්‍ෂණයේ වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන 19 වැනිදා පැවැත්වීමට කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා දින නියම කළේය.