https://www.gossiplankanews.com/2019/08/nehara-peris-speaks.html
අතීත ළමා කාලයේ මතකය අවදිකරන ගොසිප් ලංකා 'බැක්ටු ස්කූල්' විශේෂාංගයට මෙවර එකතුවූයේ ප්‍රකට ටෙලි නිළි නෙහාරා පීරිස්. ඇය අප හමුවී ඇගේ අතීතය සිහිපත් කරේ පහත ආකාරයටයි.

ඔයාගේ පාසලේ නම ?
මගේ පාසලේ නම  ශාන්ත ලෝරන්ස් පාසල

මතකද මුලින්ම පාසලට ගියපු දවස?
ඔව් මට ලාවට වගේ මතකයි.මම දිගටම ඇඬුවේ නැ.
මට මතක විදයට ගියපු ගමන්ම ඇඬුවා ඊටපස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ ඇඬිල්ල නවත්තලා හිටියා

 මුල්ම දවසේ ඉස්කොලේ ගියේ කාත් එක්කද?
මම ගියේ මගේ අම්මත් එක්ක.

මතකද ඉස්කොලේ 1 වසරේ ටිචර්ගේ නම හරි හැඩරුව හරි?
මට හැඩරුව මතකයි.මට නම එකපාරට ඔළුවට එන්නේ නැ මේ වේලාවේ

1 වසරේ හිටිය හොඳම යාළුවාව මතකද?
ඕව්.. ටීනා මෙන්ඩිස්.එයා තවමත් ඉන්ටච් ඉන්නවා.කොහොමත් අපි family friends ලා.එයාගේ අම්මයි තාත්තයි අපේ අම්මයි තාතත්තයි දන්නවා.එතකොට 1 වසරේ ඉඳන් 3 වසර වෙනකන්ම  ටීනා.ඊටපස්සේ classes මාරු  කරනවා ඒවත් එක්ක ඊටපස්සේ හේෂානි කියලා යාළුවෙක් අදටත් මම එයා එක්ක කතාබහ කරනවා. එයා ලංකාවේ නැ.ඊටපස්සේ පුර්ණා කියලා යාළුවෙක් හිටියා.ඊටපසසේ දැන් Grade 10 වෙනකොට එක්කෙනෙක් කියලා නැ Kick එකක් හිටියා.ඒ ඔක්කොම හොඳ යාළුවෝ. ඔක්කොම වගේ මගේ ගොඩක් හිතවත් මගේ ඉස්කොලේ යාළුවෝ.

5 වසර ශිෂ්‍යත්වයෙන් ගත්ත ලකුණු මතකද?


ඕව් මතකයි මතකයි 103යි. Pass Mark එක 128යි. ඉතිං මම Failed.

ගෙදරින් ශිෂ්‍යත්වේ Pass උනාම මොනවා හරි දෙනවා කියලා එහෙම තියෙනවද?
නැ එහෙම නැ එහෙම කවදාවත් දෙයක් මගෙන් කරගන්න හදන්නේ නැ මේ දේ දෙනවා කියලා මේක අරන් දුන්නොත්  මේක කරයි කියලා මගේ දෙමාපියෝ කවදාවත් මට එහෙම කියලා නැ සහ මගේ දෙමාව්පියෝ කවදාවත් මාව pressure කරලත් නැ ඔයා මේකට මෙච්චරක් ලකුණු ගන්න ඕනේ ඔයා මේක කෙහොමහරි Pass වෙන්න ඕනේ කියලා නැ. එගොල්ලෝ හැමතිස්සේම මාත් එක්ක හිටියා. ඔයාට පුළුවන් විදියට ඔයා කරන්න.එගොල්ලෝ දෙමාපියන් හැටියට  මට දෙන්න ඕන සියලුම සහයෝගය දුන්නා. මට මතකයි ගෙදරට ඇවිල්ලා ශිෂ්‍යත්වයට ලැස්ති වෙන්න ඒ Classes  වලට ටීචර් කෙනෙක් ආවා ගෙදරට ඒගොල්ලෝ දෙමාපියෝ හැටියට දෙන්න ඕන සහයෝගය මට ඒ පැත්තෙන් උපරිමෙන්ම දුන්නා.

School එකේ Sports එහෙම කරලා තියෙනවද?
ඕව් මම Basketball කරලා තියෙනවා. Sports meet කාලේදී Gymnastics කරලා තියෙනවා. එවා තමා.

පාසල් කාලේ ඔයා දඟ චරිතයක්ද?
මම එහෙම නෑ මම දඟ චරිතයක් නෙමේ.මම හැබැයි ගොඩක් බාහිර වැඩකටයුතු වලට තමයි ආස කරෙත් සහ මම කරෙත් බාහිර වැඩකටයුතු. අධ්‍යාපන වැඩ කටයුතු කරා.ඒකත් කිසිම හේතුවකින් අතපසු වෙන්නේ නැතුව.  Homewrok ද ඔක්කොම හරි වේලාවට හරි තිතට කරනවා සහ මගේ පොත් හරි පිළිවෙලයි.ඒ දේවල් හරියට පිළිවෙලට කරා. එතෙක්කම තමා බාහිර වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. මම ක්ව්යර් එකේ හිටියා. Junior ක්ව්යර් එකේ ඉඳන්ම හිටියා Senior ක්ව්යර් එක වෙනකන්.අවුරුදු 7ක් ක්වායර් එකේ හිටියා.ඊටපස්සේ අවුරුදු කිහිපයක් Conducted වෙලා හිටියා ක්වායර් එකේ.එතකොට Western Band එකේ හිටියා.


1 වසරේ ඉඳන් 5 වසර වෙනකන් යාළුවොත් එක්ක කරපු මොනවහරි අමතක නොවන සිද්ධියක්  එහෙම මතකද?
එහෙම..එහෙම විශේෂ වූ සිද්ධියක් නැති තරම්.එහෙම මගේ ඔළුවට එන්නේ නැ. මට මෙහෙමයි යළුවොත් එක්ක එකතුවෙලා කරපු දෙයක් නෙමෙයි. 5 වසරේ මට මතකයි මට මෙහෙමයි අදටත් කවුරුහරි කෙනෙක් මට ආදරය කරනවානම් අම්මා තාත්තා හෝ වේවා මගේ සැමියා හෝ හරි කවුරුහරි මගේ මල්ලී හෝ වේවා එක මම උපරිමයෙන්ම බලාපොරොත්තු වෙනවා.ඒක සමහරක් විට මම දන්නේ නැ එක හරිද වැරදිද කියලා නමුත් මම ඒක බලාපොරොත්තු වෙනවා ඒ ආදරේ අසීමිත ආදරය.එතකොට මගේ හොඳම යාළුවෙක් වුනත් ඒ මගේ හොඳම යාළුවා මම තමයි එයාගේ හොඳම යාළුවා වෙන්න ඕනි.එයාට තව අය බැ.ඔයා මගේ හොඳම යාළුවා නම් එයා ට තව යාළුවෝ ඉන්න පුළුවන් But Best Friend කෙනෙක් ඉන්න බැහැ. ඉතිං මම හරි Possessive.දැන් යාළුවෙක් උනත් අද වෙනකොට මට හොඳම යාළුවෝ නැ.මට මේ ලංකාවේ ඉන්න මට ආදරය කරන හැමෝම මගේ යාළුවෝ. දැන් ඔයාත් මගේ යාළුවෙක් අපේ Camera මල්ලීත් මගේ යාළුවෙක්.මොකද මම මගේ හැමදේම කියන්නේ මගේ Best Friend තමයි මගේ සැමියා. ඉතිං මට මතකයි 5 වසරේ හේෂානි තමයි මගේ Best Friend. ඒ දවස් වල මගේ අම්මිගේ අතේ Nur Problem එකක් ඇවිල්ලා Operation එකක් කරලා තිබුනේ.දැන් මගේ Best Friend නම් මගේ ළඟින්ම ඉඳගන්න ඕන Groups දාලානේ තියෙන්නේ. එයාව මාරු කලා වෙන Group එකකට. දැන් මට....මට දැන් හරි Upset. දැන් මට මේක දරගන්න බැ. ටීචර්ට කිව්වත් මෙවා කරන්නේත් නැ. මම අර අම්මිට කරපු Operation එක මතක් කරගෙන මම අඬනවා..හෝ ගාලා දැන් අඬනවා..ළමයි අහනවා ඇයි ඇයි ඔයා අඬන්නේ..ටීචර් අහනවා ඇයි මොකද උනේ කියලා අහනවා .මගේ අම්මිගේ අත Operate කරා.ඊටපස්සේ ටීචර් අහනවා  දැන් ඔයාට මොකද වෙන්න ඕන දැන් කොහාමද අපි ඔයාගේ ඇඬිල්ල නවත්තන්නේ මට හේෂානිව ළඟට දාන්න කියලා මම කිව්වා ඊළඟට ටීචර් මගේ Group එකකට හේෂානිව දැම්මා. ඊටපස්සේ අම්මිගේ අත Operation එක ඒවා මොනවත් මකන නැ.ඊටපස්සේ මම ඇඬිල්ල නතර කරලා හිටියා.එවගේ දේවල් ඉතිං මම කරනවා ඉස්සර..


කවදහරි මොනවහරි පොඩි වැරැද්දකට හරි Principal ළඟට ගිහින් තියෙනවද?
නැ මම ගිහින් නැ හැබැයි පොඩි වසර වල නම් ගිහිල්ලාම නැ.මම 11 වසරේදී මම ශිෂ්‍ය නයිකාවක් වූනා Deputy House Captain. මගේ House එක ලොරේටෝ. ඉතිං එතකොට මං අර කිව්වේ Kick එකක් හිටියා කියලා. ඒ Kick එකෙත් ගොඩක්දෙනෙක් ශෂ්‍ය නායිකාවෝ. දුලාංජලි එත් අපි එකට හිටියා එයා තමා School Captain. එක දවසක් කොහොමහරි මගේ යළුවෙක් Commerce Day හරි English Day වගේ විශේෂ දවසක ෆොන් එකක් ගෙනියලා ඉස්කොලේට.ඊටපස්සේ මම එදා Absent.මේ මට මතක හැටියට තමයි කියන්නේ. මට එදා යන්න බැරිවුනා මොකක්හරි හේතුවක් නිසා. පහුවෙනිදා ඔය ෆොන් එක අහුවෙලා මොකද්ද එකක් වෙලා. පහුවෙනිදා මම ඉස්කොලේ ගියාම මට කතා කරා Principal.කතා කරලා මොකද්ද මේ මේක කියලා ඇහුවා ඔයා දන්නවා නේද මේක ගැන.මම කිව්වා නැ මම ඉස්කොලේ අවේ නැ මම එහෙම හරියටම දන්නේ නැ.ඊටපස්සේ මට කිව්වා ඔයා ඇත්ත කියනකන් Batch එක ගලවනවා කියලා.ඔන්න ඉතිං Batch එක ගලවලා ඊටපස්සේ ඉතිං මට හරි දුකයි. මම හැබැයි දන්නවා වෙච්චදේ මොකද්ද කියලා.ඒත් මෙ එහෙම පවාදෙන්නේ නැ.ඉතිං මම හිටියා..
ඊටපස්සේ කෙහොමහරි ඒ යළුවාම ගිහින් කියලා මෙයා හිටියේ නැ ඉස්කොලේ මෙයා මුකුත් දන්නේ නැ එහෙම කියලා ඊටපස්සේ ආපහු මට කතා කරලා Batch එක මට දුන්නා ඉතිං..ඉතිං එවෙලේ මට ඇති වූන හැඟීම මම ඉස්කොලේ එහෙම වැරදි කරලා අහුවෙලා Punish වෙලා එහෙම කවදාවත් වෙලා නැ. ඉතිං මට මේක නිකන් ටිකක් අමාරුවුනා දරගන්න.ඉතිං සමහරක් වේලාවට නොකරපු වරදකට දඬුවම් විඳිනවා කියන්නේ එක ලේසි නැ. දැන් පවලා දෙන්නත් බැ යාළුවෝ.

ඉතිං ඒවගේම තමයි මේ වෙනකොටත් ක්ෂේත්‍රයට ඇවිල්ලත් සමහරක් වේලාවට ඔහේ මිනිස්සු එක එක දේවල් කියනවා මඩ ගහනවා එක ඉතිං Celebratity Package එකේ එන දෙයක්. මොකද Popularity එක සල්ලිද මඩ, Gossip ඒවා එන දෙයක් ඉතිං..දැනුවත්වම තමයි එන්නේ නමුත් සමහරක් තැන් තියනවා අපි නොකරපු දෙයක් නිකන් උලුප්පලා උලුප්පලා අරගෙන සමාජයට වැරදි අදහසක් ඒ පුද්ගලයා ගැන දෙනකොට සමහරක් වේලාවට දරගන්න බැරි දුකක්. කොහොමද දැන් මම මේ මේක මම නෙමේ මේක නෙමේ විස්තරේ මේක නෙමෙයි ඇත්ත කියන එක But ඕක තමයි ඉතිං ජිවිතේ ස්වභාවය..මම Belive කරන දෙයක් තමයි ඇත්ත කවදාහරි එළි වෙනවා.ඉතිං අර සිද්ධියෙදීත් අර යළුවා ගිහින් කියලා ඊටපස්සේ අයෙමත් මට Batch එක හම්බ වුනා.

O/L කාලේ ගැන කතා කරොත් ඔයා ආසම විෂය මොකද්ද?
මම..ආසම විෂය English.


O/L Result එක මතකයිද?
ඔව් A 1, B 1 , C3 ,S 3 යි.

එතකොට O/L කාලේ තිබ්බ අකමැතිම විෂය මොකද්ද?
ගණිතය.මම හිතන්නේ ගොඩක් අය කියන විෂයක් තමා.මට ගණිතයට S එකක් හම්බ වුනේ මට.ඒ අර මට ගෙදර ඇවිල්ලා උගන්නපු සර් ට පිං සිද්ද වෙන්න. මනොජ් මට තාම මතකයි.මම ගණිතය පැත්තේන් Weak..

School එකේ Periods එහෙම Cut කරලා තියෙනවද?
නැ..එහෙම කරලා නැ එහෙම කරන්න හිතලවත් නැ..

O/L කාලේදී  යාළුවෝ Set එකක් එකතු වෙනවානේ..එයාලා එක්ක කරපු මොනවහරි දඟ වැඩක් හරි අත්දැකීමක් හරි
නරක වැඩ එහෙම මොනවත් කරලා නැ..මට Piano වාදනය කරන්න පුළුවන්. අපි Kick එකම සමහරක් වෙලාවට Interval එකේදී එහෙම අපි හරි ආසයි Piano එක ළඟට ගිහිල්ලා සිංදු කියනවා.ඒ කාලේදී Popular සිංදු Play කර කර කියනවා..එක්කෙනෙක් බෙර ගහනවා..දැන් එතකොට Interval වේලාවෙදීනේ එතකොට අර අපිට වඩා බාල ඔක්කොම නංගිලා ටික ඔක්කොම වටවෙලා නිකන් ලොකු Musical Show එකක් වගේ ඒ වගේ දේවල් තමයි..

ඒ දවස් වල පාසල් ප්‍රේමයක් එහෙම තිබුනද?
ඔව් තිබුනා තිබුනා..

පාසල් ප්‍රේමය පටන් ගත්තේ කොයි වගේ වයසකදීද?
13දී

කොහෙද ඔයා Tution Class ගියේ?
මම ඇත්තටම ගොඩක් ගණිතය,විද්‍යාව  වලට ගෙදරට ආවා..මම  ගියේ Commerce වලට ගියා සිංහල වලට ගියා.ඒ මගෙ ගෙදර ළඟම ලලිතා කියලා ටීචර් කෙනෙක් ළඟට.

පාසලේදී යාළුවෝ කියපු Nickname එකක් එහෙම තියෙනවද?
මට Nickname එකක් නැ.හැබැයි මම පාසලේදී පාවිච්චි කලේ මගේ පළවෙනි නම.මට නම් තුනක් තියෙනවා..ක්‍රිහාෂ්නි කියන නමින් තමයි ඔක්කොම ඉස්කොලේ අය දන්නේ මාව..

කවදාහරි දවසක ඔයා Class Cut කරලා තියෙනවද?
ඉස්කොලේ යන කාලේ මම කවදාවත් කිසිම Class එකක් Cut කරලා නැ..A/L ගැන කතා කරපු නිසා මම O/L ඉවර උනාට පස්සේ ඉස්කොලේ මම A/L කරේ නැ.මම ACBT එකට ගියා.එකට ගියේ මම ඇත්තටම මගේ Target එක තිබුනේ Degree එක කරන්න Buisenss Managment And Marketing.ඉතිං එකේ දැන් A/L කරනකොට අවුරුදු දෙකක් විතර ඉස්කොලේ ඉන්න වෙනවා ඉතිජ මට ඒන වුනා ඉක්මනට ඉවර කරන්න ඕන නිසා එකේ Degree එකට යන්න..එතකොට A/L කරලා නැත්තම් එකේ තියෙනවා Foundation Level කියලා එකේ Equivalent For Australian A/L. ඉතිං එතකොට එක තමයි මම කරේ Certificate Leval එක.මට එකේ  Results මතක නැ.නමුත් මම Semesters දෙකකින් හතර හතර Subject අරගෙන එක පාස් වුනා. පාස් වෙලා Diploma එක පටන් ගත්තා. අරගෙන Subjects තුනක් Exams ලියලා  ඊටපසසේ මම එතනින් නතර වුනා.එත් එක්කම තමයි මම එන්නේ ක්ෂේත්‍රයට.එතකොට මට අරක කරගන්න බැරි වුනා මගේ Degree එක. ඒ මිස් වෙච්ච එක තමයි මම දැන් මේ මෑතකදී ගිහිල්ලා නමුත් විෂය වෙනස් මට එතකොට Business And Management කරන්න ඕන වුනේ.නමුත් මම වෙන විෂයකින් AMI Montessori Teaching  විෂයෙන් උපරිම ඉගෙනගෙන තමයි ලංකාවට ආවේ.

අම්මාටද වැඩියෙන්ම බය තාත්තටද?
මම ඇත්තටම එහෙම වැඩියෙන්ම බය කියලා නැ සහ මම ඒ දෙන්නටම ගරුත්වය සහ ආදරය අසීමිත ලෙස තියෙනවා.මම බයක් නැ..මොකද මගේ අම්මයි තාත්තයි මට යළුවෝ දෙන්නෙක් වගේ පොඩි කාලේ ඉඳන්ම.ඉතිං අර මම එහෙම ලොකුවට වැරදි වැඩ එහෙම කරන්නෙත් නැ.මෙහෙමයි ගෙදර Rules කියන්නේ එකත් මාව වැඩිය Party වලට යවන්නේ නැ යැව්වත් 8 වෙනකොට වගේ ගෙදර ඉන්න ඕනි.එක්කෝ නැත්තම් අම්මත් එක්ක යන්න ඕනි..එහෙම එවා වගේ තිබුනා. ඒ ඇරුනාම මට ඕන දෙයක් මට නිදහස තිබුනා ඕන දෙයක් එයාලා එක්ක කතා කරන්න.ඉතිං එක නිසා මට එහෙම බයක් නැ. නමුත් අර Automatically එන බයක් තියෙනවා.

ඉගෙනීම පැත්තට ගෙදරින් බලපෑමක් කරලා තියෙනවද කවදාහරි දවසක?

නැ.. එ දෙන්නගෙන් එක්කෙනෙක්වත් කවදවත් මටවත් මල්ලීටවත් බලපෑමක් කරලා නෑ. එකම තමයි මට හිතෙන්නේ කිසිම Pressure එකක් නැතුව ජීවිතේ ජයගන්න තිබ්බ එකමදේ. ඉතිං කවදවත් එහෙම බලපෑමක් කරලා නැ.O/L ආවත් කමක් නැ ඔයා Stress වෙන්න එපා.ඔයාට පුළුවන් උපරිම කරන්න.එතකොට එහෙම කියද්දී අපි තවත් Motivate වෙනවා. දැන් මට මතකයි Diploma එක අතරමඟ නවත්තපු වෙලාවේදී 2005 හෝ 2006  එතකොටත් අම්මායි තාත්තයි කිව්වා අපරාදේ නේද දැන් මේක මඟදී නවත්තන්නේ කියලා. ඒත් කමක් නැ ඉතිං ඒක ඔයාගේ කැමැත්තනේ මොකද දෙයක් කරනවානම් අපි කැමැත්තෙන් කරන්න ඕන අපි අකැමැත්තේන් කරලා ඕක Failed වෙලා Stress වෙලා ජිවිතේ එපාවෙලා කිසිම තේරුමක් නැ මොකද  අපි මේ ලොකේට ඇවිල්ලා තියෙන්නේ බොහෝම ටික කාලේකට. අවුරුදු කීයද..අපි මැරිලා යනවා..ඕකට ලොකු දේවල් ඔළුවේ දාගෙන කිසිම වැඩක් නැ අපි අන්තිමේදී පස් වලට යනවනේ. සමහරක් වෙලාවට ඒක තේරුම් ගන්නේ නැ සමහරක් මිනිස්සු.

අපේ Back To School Programme එක ගැන ඔයාට මොකද හිතෙන්නේ?
මම කැමති ඒකට.ඒක හරි ඩිසන් Programme එකක් සහ ඉඳලා හිටලා හරි අතීතය ගැන මතක් කරලා දේවල් කියන්න සහ මට ආදරය කරන  රසික රසිකාවියොත් එක්ක ඒ දේවල් බෙදා ගන්න හොඳ අවස්ථාවක්.

කථාබහ - ජනනි තරුෂිකා