ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලද බව
පොහොට්ටු සම්මේලනයටද එක්වූ
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කර තිබුණි.
නමුත් එම ප්‍රකාශය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ප්‍රතික්ෂේප කළේය.
තම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වන්නේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් තීරණය කර නොමැති බව ඔහු දැන්වීය.
ඔහු පවසා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන්නේ නම් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට එරෙහි කඳවුරට සහය පල කරන බවයි.