මිහින්තලය, සීප්පුකුලම සහ කහටගස්දිගිලිය අවට ග්‍රාමීය වැව්වල හිතුමතේට ජලය ඉවත් කරමින් ගොවි සංවිධාන විසින්  ව්‍යාපාරිකයන්ට මහා පාරිමාණයෙන් මත්ස්‍ය අස්වැන්න අලෙවි කරන බව වාර්තා වේ.

මේ වනවිට කහටගස්දිගිලිය
රන්පත්විල මැකිච්චාව වැව මේ හේතුව නිසා විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. අධික නියගය නිසා ජල හිගයක් පවතින මේ ප්‍රදේශවල වැව්වල ඉතිරිව ඇති ජලය
මෙලෙස මත්ස්‍ය අස්වැන්න ලබා ගැනීම වෙනුවෙන් පිට කිරීම මහත් අපරාධයක් බවද ඔවුහු කියා සිටිති.

අත්ටැක්ටර් මගින් ක්‍රියාත්මක ජල මෝටර් සහ කානු කැපීම මගින් මැකිච්ඡාව වැවේ ජලය පිටකර හැරීම නිසා පරිසර පද්ධතියම විනාශව ඇති අතර අනාගත මත්ස්‍ය අස්වැන්නටද ප්‍රබල බලපෑමක් එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකළහොත් මීමල්වැව, ලබුවැව, පෙරුප්පන්කුලම වැව, රන්පත්විල වැව ආදී ප්‍රදේශයේ සෙසු වැඩිද මේ ආකාරයෙන් ජාවාරම්කරුවන් අතින් විනාශ වීම වැළැක්විය නොහැකි බව ප්‍රදේශවාසීහු සදහන් කරති.