https://www.gossiplankanews.com/2019/08/melsiripura-mystery-death-student.html#more
මැල්සිරිපුර නගරයට ආසන්න හෝටලයකදී උසස්පෙළ හදාරමින් සිටි 20 හැවිරිදි තරුණියක අබිරහස් ලෙස කාමරයකදී මියයැමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසියට සිද්ධියට සම්බන්ධ 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගන්නට හැකිව තිබේ.කලක් පැවිදිව සිටි බව කියන මෙම තරුණයා ඔහුගේ පෙම්වතියගේ මිතුරියක මේ ආකාරයට දූෂණය කර මරා දමා තිබුණි.
මැල්සිරිපුර නගරයට ආසන්න හෝටලයක කාමරයක් තුළ අබිරහස් ලෙස
මියගොස් සිටින තරුණියකගේ මළ සිරුරක් පෙරේදා (30) හමුවී ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ගොකරැල්ල පොලිසිය එම ස්ථානයට ගොස් මෙම පරීක්ෂණ සිදු කර තිබූ අතර ඒ අනුව සිද්ධියේ සුලමුල හෙළි විය.
වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.
මීට මාස කිහිපයකට ඉහතදී පුත්තලම පාරේ වැලගනේ පුරාණ විහාරස්ථානයේ මාස 3 ක පමණ කාලයකට පැවිදි වී පසුව සිවුරු හැර ඇති විසි එක් හැවිරිදි තරුණයා එම විහාරස්ථානයට නිතරම යන එන බවත් ඉකුත් 27 වැනිදා එසේ පැමිණි අවස්ථාවේදී විහාරාධිපති හිමියන්ගේ කාමරයේ තිබූ 1,10,000ක මුදලක්ද ඒ හිමියන්ට අයත්

රුපියල් ලක්‍ෂ 30 පමණ වටිනා වැගන් ආර් මෝටර් කාර් රථය ද සොරාගෙන සිය පෙම්වතිය හමුවීමට ගොස් ඇත. ඔහු පැවදි වන්නට පෙර ඇඟලුම් කම්හලක සේවය කර තිබූ අතර එහිදී සබඳතාව ඇති කරගත් පෙම්වතියක මෙසේ බලන්නට ගොස් ඇත. තමා අලුතින් මෝටර් රථයක් මිළදී ගත් බව පෙමවතියට කියා ඇයට මෝටර් රියේ රවුමක් යාමට කතා කර ඇත. පසුව කුරුණෑගල මහව මාර්ගයේ ගමන් කරමින් සිට ඇත. එහිදී ඔහු පෙම්වතියට අයුතු යෝජනාවක් කර අපි අද හෝටලයක නවතිමු යයි යෝජනා කර ඇති අතර ඇය කැමතිවී නැත. එම අවස්ථාවේ තරුණයා ඇයට තදින් කථාකර බලහත්කාරයෙන් වාහනය පදවමින් නෑ මං ඔයාව එක්ක යනවමයි පවසා ඇත. මේ අතර මෝටර් රියේ ඉදිරිපස අසුනේ රම්බෝ වර්ගයේ පිහියක් හා මුදල් නෝට්ටු තොගයක් තිබෙන අයුරු පෙම්වතිය දැක තිබේ. බියට පත් පෙම්වතිය උපායක් කල්පණා කර එම මුදල් නෝට්ටු මිටියක් අරගෙන වාහනයේ වීදුරුවෙන් පිටතට විසිකර ඇත.

 රථය නතර කරගෙන එයින් බැස තරුණයා මුදල් අහුලන්නට ගිය අවස්ථාවේ පෙම්වතිය වාහනයෙන් බැස පළාගොස් පිරිසක් අතරට උදව් ඉල්ලා ගොස් තිබේ.
සැකකාර තරුණයා ඊට පසු මෝටර් රිය පණගන්වාගෙන එතැනින් පලාගොස් ඇති නමුත් කලබලයට පත්ව පලාගිය පෙම්වතියගේ ජංගම දුරකථනය මෝටර් රියේ තිබෙන අයුරු ඔහු දැක තිබේ.

පසුව ජංගම දුරකථනයේ තිබු අංක කිහිපයකටම සැකකරු කතා කර ඇති අතර කවීෂා නමැති නමක් යටතේ සටහන්ව තිබූ අංකයට ඇමතුමක් ගත් විට තරුණියක්

ප්‍රතිචාර දක්වා ඇත. ඇය එම අවස්ථාවෙ උපකාරක පංතියකට සහභාගීවීමට ගොස් සිටි බව පැවසිණි.
මං ෆොන් එකේ නම්බර් එක දැකල ගත්තේ ඔයාගේ හොඳම යාළුවා මැල්සිරිපුර හෝටල් කාමරයක හදිසියේ ලෙඩවෙලා උදව් කරන්න පුළුවන්ද මේ නම්බර් එක විතරයි වැඩ කරන්නෙ ...පවසා තිබේ.
හොදම යෙහෙළිය හදිසියේ රෝගාතුරවූ බව අසා ඇය බැලීමට යාමට පැමිණෙන බව කවීෂා පොරොන්දු වී ඇති අතර තරුණයා කියූ තැනට ඇය පැමිණ තිබේ.

කවීෂා ඔහුත් සමග ගොකරැල්ල, මැල්සිරිපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයට ගොස් ඇත්තේ එහි කාමරයක් තුළ රෝගාතුරවී සිටින යෙහෙළිය බැලීමටය.
හෝටල් කාමරයට ඇතුළුචනවාත් සමගම සැකකරු ඇයව බලහත්කාරයෙන් ඇතුළට කැඳවා දොරගුළු දමා දූෂණය කර ඇති අතර පසුව ගෙළ මිරිකා ඝාතනය කර ඇත. පසුව රහසේම කාමරයෙන් පළාගොස් ඇත.
වැඩිදුර සොයා බැලීමේදී තම පෙම්වතිය සමග ගත කිරීමේ අටියෙන් තරුණයා දින 3 කට හෝටල් කාමරය වෙන්කර තිබූ බවද ආරංචිවී තිබේ.කාමරයේ තරුණියක ඝාතනය කර ඇති බව හෝටල් බලධාරීන් දැනගත්තේ ඊට පසු දින (30) යි. එදින තරුණයා හෝටලයෙන් පිටවන දිනය ලෙස දන්වා තිබීම නිසා ඒ ගැන සොයාබැලීමට කාමරයට තට්ටු කර කිසිවෙකු ශබ්ද නොකළ නිසා වෙනත් යතුරකින් දොර ඇර බැලීමේදී මළ සිරුර හමුවී ඇත.

තරුණිය ඝාතනය කිරීමෙන් පසු හොර රහසේ හෝටලයෙන් පිටවී ගිය සැකකාර තරුණයා රම්බෝ වර්ගයේ පිහියද සගවාගෙන මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි තමාට පිටුපෑ පෙම්වතියගේ නිවස අසල රාත්‍රී කාලයේ සැගව සිට ඇති බවද පරීක්ෂණ වලදී හෙළිව ඇත. ඔහුට ඇයව ඝාතනය කිරීමටද අවශ්‍යවී තිබී ඇත. නමුත් ඇය නිවසට නොපැමිණි නිසා ආපසු විහාරස්ථානයකට ගොස් ඇති තරුණයා විහාරාධිපති හිමියන් මුණගැසී තමා නැවත ගිහි ජීවිතය ගැන කළ කිරුණ බවත්  තමා මහණවීමට කැමති යැයි ප්‍රකාශ කර ඇත.

කවීෂා මධුරංගි නමැති තරුණියගේ ඝාතනය සමබන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණයා ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු සියල්ල හෙළිකර ගැනීමට හැකිවිය
විහාරස්ථානයෙන් සොරාගෙන ගිය කාර් රථය හා සොරාගත් රුපියල් 1,10,000ක මුදලද කාර් රථයේ තිබී සොයාගනු ලැබීය.තරුණයාගේ පෙම්වතිය බව කියන තරුණියද පොලිසියට සාක්ෂි සපයා ඇත. සිය දියණිය වූ කවීෂා මධුරංගි පසුගිය 28 වැනිදා සිට නිවසින් අතුරුදන්ව සිටින බවට ඇයගේ පියා විසින් අලව්ව පොලිසියට පැමිණිල්ලක්ද කර තිබිණි.