අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ ස්ථීරත්වයෙන්
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති
අපේක්ෂකයා ලෙස ඉදිරි සතියේ දී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද (23) මාතර දී පැවසීය.

තව දෙසතියකින් ගෝල් ෆේස් පිටියේ දී එම ජනාධිපති අපේක්ෂකයා රටට හඳුන්වා දෙන බව කී මංගල සමරවීර මහතා එම මහ ජන රැලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය මෙන්ම දෙමල , මුස්ලිම් සියලුම පක්ෂ වල නියෝජිතයන් ද සහභාගී වන බව සඳහන් කළේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නැයි ඉල්ලා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ පැවති “සජිත් එනවා”දෙවැනි ජන රැලිය අමතමිනි.