https://www.gossiplankanews.com/2019/08/maithri-mahinda-secret-discussion.html
නාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ  අතර හමුවක් පෙරේදා 27 වැනිදා රාත‍්‍රියේ මහගමසේකර මාවත පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්වූ බව දේශපාලන ආරංචි හෙළි කරයි.
පැය භාගයකට ආසන්න කාලයක් පැවැති
මෙම සාකච්ඡාව රහසිගත ආකාරයට පැවැත්වූ බවද කියැවේ.
ඉදිරි මැතිවරණ සඳහා පක්‍ෂ දෙක එක්වීමට අවසන් තීරණය ගැනීමට මෙහිදී හැකිවී නැත. නායකයින් දෙපළ නැවත වරක් ඉදිරි සතියේදී හමුවීමටද මෙහිදී එකඟතාව පළකර ඇත. දැනටමත් ගෝඨාභයගේ නම ජනපති අපේක්ෂක ලෙස නම් කර තිබුණත්

මෛත්‍රී සහ එම පාර්ශ්වය ඒ වෙනුවට මෛත්‍රීගේ නම යොදනු ඇතැයි විශ්වාසයකින් පසුවේ.

එසේ නොවන්නේ නම් අඩුතරමේ ශ්‍රීලනිප පිල අසරණ නොකර ඒ අයට ගෝඨාභයගේ පාර්ශ්වයෙන් සාධාරණයක් ලබාදීම ගැන මෙම සාකච්ඡාවල අවසන් කතාබහ තුළ සිදුව ඇතැයිද දැනගන්නට ලැබේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණ සඳහා එක්ව කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට විවිධ කමිටු හඳුන්වා දුන්නද මේ ගැන තවම අවසන් එකඟතාවයකට ඒමට හැකිවූයේ නැත.

මේ සාකච්ඡාව අතරවාරයේ රනිල් කියනවා මේ වෙලාවෙ විධායක ජනපති ධූරය ඉවර කරන වැඩේ කරමුයි කියලා යයි මහින්ද මෛත්‍රීට පැවසූ බවද වාර්තාවේ. නමුත් එවැන්නක් කළ නොහැකි බව දෙදෙනාගේම අදහසවී ඇත.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව ඒ අනුව ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තීරණය කර ඇත.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ යෝජනාව අගමැතිවරයා ඉදිරිපත් කර ඇත්තේ විපක්ෂ නායකවරයාටය.විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මෙම කාලය සුදුසු නොවන බවත් එමගින් රට අනතුරේ වැටිය හැකි බවත් සාකච්ඡාවී ඇත.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආ ආකාරයට විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ අවස්ථාවේ ප්‍රායෝගිකව ගෙන ඒමට නොහැකි බව ප්‍රකාශ කර ඇත.
ඉදිරියේදී පවත්වන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂද සහභාගි කරවා ගැනීමට මෛත්‍රී හා මහින්ද අවසානයේ තීරණය කර ඇත.