විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට ප්‍රබල ජීවිත තර්ජන පවතින හෙයින් ආරක්‍ෂක විධිවිධාන නොමැතිව සෘජුව සෙනග අතරට
යෑමෙන් වළකින්නැයි රජයේ බුද්ධි අංශ කිහිපයක් ඒ දෙදෙනාටත් ඔවුන්ගේ ආරක්‍ෂක ප්‍රධාතින්ටත් දැනුම් දී ඇත.
ශරිර පරික්ෂාවට ලක්නොවුණු ජනතාව රැස්ව සිටින ප්‍රදේශවලට පිවිසීමේදී වඩාත් කල්පනාකාරිනැයි ද ඒ බුද්ධි අංශ වැඩිදුරටත් දැනුම් දී තිබේ. විශේෂයෙන්ම වාහනවලින් ජනාකීර්ණ මාර්ග
ඔස්සේ ගමන් කිරීමේදීත් වඩාත් කල්පනාකාරිව කටයුතු කරන්නැයි උපදෙස් දී ඇති බුද්ධි අංශ, මල්මාලා හා වෙනත් දෑ පිළිගැනීම ද ඒවා පරික්ෂා කිරිමෙන් තොරව නොකරන්නැයි දන්වා ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක් වූ අනුරාධපුර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන්
සේමසිංහ මහතා පැවැසුවේ මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට ක්‍රියාමාර්ග රැසක් දැනටමත් ගෙන ඇති බවයි.
හමුදාවලින් විශ්‍රාම ලැබූ නිලධාරින් විශාල පිරිසක් ද නායකයන් දෙදෙනාගේ ආරක්ෂාව තහවුරු කිරිමට
ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටින බව කී ෙඒහතා ඉදිරියේ දී තවත් ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇතැයි ද ප්‍රකාශ කළේය. මේ අතර නාම යෝජනා පත්‍ර බාර ගැනීමෙන් පසුව ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාවට තවත් අමතර හට් පිරිස් යෙදවෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරු සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අරඹමින් රටපුරා ප්‍රසිද්ධ ජනහමු රැසකට සහභාගි වූහ.