මේ දවස්වල විවිධ වූ පුද්ගලයින් විවිධ ස්ථානවලදී දුටු දසුනක් ලෙසින් තරමක් වෙනස් මුහුණක් ඇති මුත් සාමාන්‍ය ගති ගුණ ඇති මිනිසෙකුගේ වීඩියෝ දසුන් සමාජ ජාල වෙබ් අඩවි තුළ ෂෙයාර් වනු ඔබ දකින්නට ඇති.

එසේම එවැනි අවස්ථා ඔබ ඔබේ පියවි දෑසටද දකින්නට වරම් ලැබුවා විය හැකියි. කොහොම වුනත් මේ තරුණයා ගැන කිසිවෙකුත් වැඩි විස්තරයක් දැනගත්තේ නැහැ.

සුපිරි වෙළඳසැලකදී නිකුත් වුනු වීඩියෝවකින් මෙම තරුණයා යම් කිසි සෙන්ස් එකක් ඇතිව දේවල් තෝරාගන්නා අයෙක් බව කැපී පෙනුනු අතර මේ සියල්ල අතරේ, අලුතින් අන්තර්ජාලයට එක්වූ වීඩියෝවක් මේ වන විට වැඩිමනත් දෙනෙකුගේ කතාබහට යොමුවී තිබෙනවා.

එය CCTV දසුනක්. ඒ විදුලි සෝපානයකට ගොඩ වෙන මෙම තරමක් වෙනස් පුද්ගලයා සහ සෝපානයේ සිටින කුඩා දරුවෙකු අතරේ වන සිදුවීමයි. දරුවා විසින් මෙම පුද්ගලයාගේ මුහුණත අල්ලන්නට උත්සාහ දරද්දී දරුවාගේ මව එය වළක්වන්නේ එය ඔහුට අපහසුතාවයක් දනවන නිසා විය හැකියි.

කෙසේ වුවත් මෙම වීඩියෝවත් සමගින් මෙම පුද්ගලයා පිළිබඳ වැඩි කතාබහක් සමාජයේ ඇති වී තිබෙනවා.