වරකාපොළ ‍ෙදාරවක ප්‍රදේශයේ පිරිවෙනක අධ්‍යාපන හදාරන කුඩා සාමණේර හිමිවරු තුන් නමක්
පෙරේදා (28දා) වැඩ සිටින විහාරස්ථානයේදී ඔෟෂධ වර්ගයක් පානය කිරීමෙන් පසු ඇති වූ

අසාත්මිකතාවක් හේතුවෙන් කෑගල්ල
මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

කෑගල්ල මහ රෝහලේ අංක 8 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ වරකාපොළ පොලිස් වසමට
අයත් ‍ෙදාරවක ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින අවුරුදු 11ක හිමිනමක් හා 9 හැවිරිදි හිමිවරු
දෙනමකි.

කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හිමිවරු තුන්නම පෙරේදා (28දා) දහවල් සිය
විහාරස්ථානයේ තිබූ ඔෟෂධයකින් කාඩ් කිහිපයක් රැගෙන ඉන් කොටසක් නියමිත මාත්‍රාවට පානය නොකර
ඊට වඩා වැඩි සංඛ්‍යාවක් පානය කර ඇති බව අනාවරණය වෙයි. පසුව ඇතිවූ වූයේ යැයි කියන
අසාත්මිකතාවක් හේතුවෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පසුව හිමිවරු තුන්නම වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත මාරු කර එවා තිබේ.

දමුණුපොළ - චමින්ද ජයලත්