පසුගිය දින වලදී ඌව මධ්‍ය හා දකුණ ආණ්ඩුකාරවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති කාර්යයාල වෙත ලබා දීමට කටයුතු කළ අතර බොහෝ දෙනා මේ සිදුවීම කවරක් නිසා සිදුවූවාදැයි සැකෙන් බලන ලදි.

කරුණු එසේ සිදුවෙද්දී 
පළාත් තුනක් සඳහා පත් කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ඒ අනුව, රජිත කීර්ති තෙන්නකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, මෛත‍්‍රී ගුණරත්න ඌව පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ද, දිවුරුම් දුන් අතර ඉල්ලා අස්වූ ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරාට තනතුරක් ලැබී නැත.
එජනිස හිටපු මන්ත්‍රීවරයෙකු වන හේමාල් ගුණසේකර දකුණු පළාත්ආණ්ඩුකාරවරයා වශයෙන් ද දිවුරුම් දෙනු ලැබීය.
ජනාධිපති නිල නිවසේදී එම දිවුරුම් දීම සිදු විය.