ගෘහස්ථ විදුලි මීටර් වෙනුවට පෙර ගෙවුම් විදුලි මීටරයක් ඉදිරියේදි විදුලි පාරිභෝගිකයන් වෙත හඳුන්වාදෙන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක පවසයි. නව පෙරගෙවුම් විදුලි මීටර්
ව්‍යාපෘතිය ඉදිරි සැප්තැම්බර් මස
වන විට දියත් කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවැසුවේය.

පාරිභෝගික ගැටලු වෙනුවෙන්ද ක්ෂණික විසඳුම් ලබාදීම සඳහා නව විදුලි බිල් ක්‍රමයක්, ගෘහස්ථ නව විදුලි සබඳතා සතියක් ඇරැඹීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් දියත් කිරීම ලංවිම අවධානය යොමු වී ඇති බවද ඔහු කීවේය.
දිගු කාලයක් තිස්සේ ඒකාධිකාරියක්ව පැවැති ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට පාරිභෝගිකයා මුල්කර ගනිමින් කටයුතු කිරීමට පෙලඹී ඇති බවත් හෙතෙම පැවැසීය. පසුගියදා මහනුවර සිදුකළ නිල සංචාරයකදී ඇමැතිවරයා මේ බව කීවේය.

-හර්ෂනී අර්සකුලරත්න-