මීගමුව – මීරිගම ප‍්‍රධාන මාර්ගයේ කටුවාපිටිය සෙල්ලකඳ ප‍්‍රදේශයේ ශාන්ත සෙබස්තියන් මාවත ආරම්භයේ තැන්පත් කර තිබූ ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප‍්‍රතිමාවට (සුරුවමට) කිසිවෙකු විසින් ගල් වලින් පහරදීම
නිසා එම සුරුවම තැන්පත්කර ඇති වීදුරු කුටියේ දෙපස වීදුරු කැඩී සිදුරුවී ගොස් තිබෙයි.
මේ හේතුව නිසා ප‍්‍රදේශයේ ජනතාව ඊයේ (06) ඊට විරෝධය පළ කර තිබුණි.
මෙම පහරදීම පෙරේදා (05) රාත‍්‍රි කිසිවකු විසින් සිදුකර ඇතැයි සැක පළ කර ඇත.
එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි මැල්කම් රංජිත් කාදිනල්තුමා සහ ප‍්‍රදේශවාසී පූජකතුමන්ලා එක්වී ජනාතවට කරුණු පැහැදිලි කිරීමෙන්  තත්ත්වය පාලනය කර තිබුණි.
සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කටාන පොලිසිය පුළුල් විමර්ශන අරඹා ඇති අතර පසුගිය පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය පිහිටා ඇත්තේද මෙම සුරුවම පිහිටි ස්ථානයට ආසන්නයේයි.