නැගෙනහිර යුරෝපා රටක් වන රුමේනියාවේ 15 හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් නිසා මේ දිනවල මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. ඇලෙක්සැන්ඩ්‍රා මැක්සානු නමැති මෙම දැරිය පසුගිය බදාදා
පැහැරගෙනගොස් මරා දමා තිබූ අතර ඇය තනිව නිවසේ වාසය කරන අතර පැමිණි 65 හැවිරිදි ඝාතකයා මේ වනවිට අත්අඩංගුවේ පසුවේ.
මෙම ඝාතකයා මින් ඉහතත් දැරියක ඝාතනය කිරීමේ

සිද්ධියකට සැකකරුවෙකු වූවෙකි.
මෙම සිද්ධිය සිදුවූ අවස්ථාවේ හා ඊට පෙර සිට තමාව බේරාගන්නා ලෙස එරට හදිසි ඇමතුම් අංශයට මියගිය දැරිය තෙවරක් ඇමතුම් ලබාදී තිබුණත් ඒවායින් පළක් නොවීම නිසා මෙම ඝාතනය වළක්වා ගතහැකිව තිබියදී නිරපරාදයේ සිදුවූවක් ලෙස සමාජයේ කථිකාවක් බිහිව තිබුණි.

මේ හේතුවෙන් රුමේනියානු වත්මන් අගමැතිනි වියෝරිකා ඩැන්සිලා වහාම ක්‍රියාත්මක වන පරිදි එරට පොලිස්පතිවරයාව හා අභ්‍යන්තර කටයුතු ඇමතිවරයාව සේවයෙන් පහ කළේය. මේ අතරවාරයේ මෙම සිද්ධිය විවේචනය කරමින් 'අමුත්තෙකු ඇවිත් වාහනයට නගින්න කීවාම එසේ යන එක අනතුරක් ලෙස දැකිය නොහැකියි.'

යනුවෙන් මෙම සිද්ධියේ ඝාතකයාට හසුවීම බේරාගන්නට හැකිව නොතිබුණක්ය යන්නට අදහස් මතුකරමින් එරට අධ්‍යාපන ඇමතිනිය ෆේස් බුක් ඔස්සේ අදහස් පළ කර තිබූ අතර ඒ ගැන මහජන විරෝධතාවයක්ද මතුවිය.
මෙම විරෝධතාව මැද එරට අධ්‍යාපන ඇමතිනියගේ සේවයද පහ කරන්නට ඊයේ එරට අගමැතිනිය කටයුතු කර තිබේ.