කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනෙකු කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරු සමග සම්බන්ධතාවක් පවතින බවට ලද පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.දැනට කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටින කංජීපානි ඉම්රාන්
නමැත්තා සමග කොළඹ අපරාධ
කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනකු සම්බන්ධකම් පවත්වන බවට මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අදාළ පැමිණිල්ල පිළිබඳ බස්නාහිර පළාත් ශිෂ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු යොදවා පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය. යම් නිලධාරියකු සැකකරු සමඳ යම් සම්බන්ධතාවක් පවත්වා තිබෙන බවට පරීක්‍ෂණවලදී තහවුරු වුවහොත් එම නිලධාරීයාට එරෙහිව උපරීම විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස් මූලස්ථානය විසින් දැනුම් දී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන කළේය. ‍

එසේම දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින මාකඳුරේ මධුෂ් නමැත්තා විසින් ඩුබායිහිදී පැවැත්වූ සාදයක් අතරතුරදී අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන් නමැත්තා මෙරටට පිටුවහල් කිරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය තුළ මේ වනවිට රදවා තබාගෙන පරීක්‍ෂණ සිදුකරයි.

-ඉන්දික හේවාවිතාරණ-