විදුලි බිල නොගෙවීම නිසා නිවසක විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයකුව යකඩ පොල්ලකින් පහර දුන් බව කියන සිදුවිමක් අගලවත්ත හිරිකොල ප්‍රදේශයෙන් වාර්තා වු බව අගලවත්ත
පොලිසිය කියයි. අගලවත්ත හිරිකොල ප්‍රදේශයේ නිවසක විදුලි බිල මාස තුනකින් නොගෙවීම නිසා රුපියල් 5568.75 ක හිඟ මුදල් නොගෙවුවහොත් විදුලිය විසන්ධි කරන බවට විදුලිබල මණ්ඩලය ‍විසින් රතු නිවේදනයක් යවා තිබේ.

එයට ද ප්‍රතිචාර නොදැක්වීම නිසා අදාළ නිවසේ විදුලිය විසන්ධි කිරිමට ඉකුත්ද 15 එම නිවසට සිය විදුලිබල මණ්ඩලයේ අගලවත්ත පාරිභෝහික සේවාවන් මධ්‍යස්ථානයට අනුබද්ධ සේවකයෙකුට එම නිවසේ පදිංචි පියෙකු සහ පුතකු විසින් යකඩ පොල්ලකින් පහරදුන් බවත්, එම විදුලි සේවකයා පිඹුර රෝහලට ඇතුළත් කළ බවත් විදුලිබල මණ්ඩලයේ අගලවත්ත
පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි සේවකයෙකුට අගලවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව අගලවස්ත පොලිසිය කීය.

මෙසේ පහරකෑමට ලක්වී ඇත්තේ මාරපිටිය, මිනිකන්දල පදිංචි විදුලි බල මණ්ඩලයේ කොන්ත්‍රාත් පදනම් මත සේවය කරන සේවක මහතෙකි. මේ සිද්ධියට අදාළ හිරිකොල ප්‍රදේශයේ නිවසක් මිට මාස කීපයකට පෙර ද විදුලි බිල නොගවීම නිසා විදුලිය විසන්ධි කිරිමට මෙම සිද්ධියට මුහුණ දුන් විදුලි සේවකයා සිය විටක මෙම නිවසේ පුද්ගලයන් ඔහුට පහර දිමට තැත් කර ඇති අතර මෙවරද එම නිවම විදුලිය විසන්ධි කිරිමට නියෝගය ලැබිමෙන් අනතුරුව එම විදුලි සේවකයා එම නිවසට යාම තමාට අනතුරක් වීමට ඉඩ ඇති බව විදුලි අධිකාරිවරයාට දැනුම් දී ඇති බව පොලිසිය කියයි.

පසුව විදුලි අධිකාරිවරයා විසින් අදාළ නිවසේ විදුලිය විසන්ධි කිරිමට යන අවස්ථාපෙදී අගලවත්ත පාරිභෝක සේවා මධ්‍යස්ථානයේ සේවකයන්ට සහභාගී වන ලෙස දැනුම් දී ඇත. ඒ අනුව එම නිවසට ගිය විදුලි සේවකයා විදුලිය විසන්ධි කිරිමට සිදුවන බව එම නිවසේ පදිංචිකරුවන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් විසින් එයට විරෝධය දක්වා ඇත.

 මෙම තත්ත්වය පිළිබඳව අගලවත්ත මධ්‍යස්ථානයේ සේවක මහතකු විදුලි අධිකාරිවරයාට දැනුම් දිමේන් අනතුරුව එම නිවසේ අය විදුලිය විසින්ධි කිරිමට ඉඩ නොදෙන්නේ නම් එම නිවසට විදුලිය සපයන විදුලි කණුවෙන් විදුලිය විසන්ධි කරන ලෙස දැනුම් දී ඇත. ඒ බව දැනගත් එම නිවසේ පදිංචි පියා සහ පුතා නිවසේ ඇතුළට ගොස් යකඩ පොල්ලක් රැගෙන විත්
විදුලි විසන්ධියට පැමිණි සේවකයාටත් ඔහුගේ සහයට පැමිණි අගලවත්ත මධ්‍යස්ථානයේ සේවක මහතකුටත් පහරදී ඇති අතර මෙම සිදුවීම් විඩියෝ කළ විදුලි සේවකයෙකුගේ දුරකතනයක් පැහැර ගෙන එහි පටිගතවී තිබු සියල්ල මකා දමා එයට හානිකර ඇත.

අගලවත්ත මධ්‍යස්ථානයේ සේවක මහතාට පහර වැදීමෙන් පසු ඔහුව පසේකට විසිවී ඇති අතර විදුලිය විසන්ධි කිරිමට පැමිණි සේවකයාගේ හිසට සහ ශරිරයට දැඩි ලෙස පහරදී ඇතැයි පොලිසිය පවසයි. අනතුරුව පහරකෑමට ලක්වූ විදුලි සේවකයා පිඹුර රෝහලට ඇතුළුත් කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳව නීත්‍යානුකුලව සාධාරණ පරිශ්‍රණයක් නොවුණහොත් ඉහළ නිලධාරින්ගේ උපදෙස් ලබාගෙන වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට සිදුවන බව විදුලි සේවකයන් පවසන අතර මේ සිදුවීමට අදාළව ලැබුණු පැමිණිල්ලට අනුව පරික්ෂණ ආරම්භ කර ඇති බවත් පහර දිමට සැකපිට එම නිවසේ පියාව මේ වනවිට අත්අඩංගුවට ගත් බවත් අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි.එච්. විජේරත්න මහතා පැවසීය.
-බන්දු තඹවිට-