https://www.gossiplankanews.com/2019/08/balangoda-student-death-incident.html
සැමියා හා බිරිය අතර ආරවුලකදී බිරියට දමා ගැසූ උදලු මිටි පහර පුතුට වැදීමෙන් බරපතල තත්වයට පත්ව දින 5 කින් පුතු මියයාමේ සිද්ධියක් පසුගියදා බලංගොඩ උඩුමුල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. මෙම සිද්ධිය අදාළ දෙමාපියන් මුලින් සැඟවූ අතර කියා තිබුනේ උගුඩුවෙකුට ගැසූ පහරකින්
පුතු අසාධ්‍ය වූ බවයි.

කෙසේ වෙතත් 17 හැවිරිදි නවීන් ධනංජය පුතු මියයාමෙන් පසු පරීක්ෂණ පැවැත්වූ පොලිසියට අදාළ සිදුවීම ගැන ඇත්ත හෙළි කරගැනීමට හැකි විය.
මේ නිසා පහරදීම සිදුකළ මියගිය පුතුගේ පියා පොලිස් අත්අඩංගුවට පත්විය.
ඊයේ (14) නිකිණි පොහොය යෙදුණ දිනයේ මෙම පුතුගේ අවසන් කටයුතු සිදුවූ අතර අත්අඩංගුවේ පසුවූ පියා පුතුගෙන් සමාව ඉල්ලමින් මළ ගෙදරට පොලිස් රැකවල් මැද ගමන් කිරීම සංවේදී දසුනක් විය.
'අනේ පුතේ මට සමාවෙයං..මම මේක හිතලා කරපු දෙයක් නෙමෙයි.' කියමින් පියා දේහය අසළදී දියණිය වැළඳගෙන විලාප දුන්නේය.
නීල් පියරත්න නමැති මියගිය දරුවාගේ පියා ලබන 22 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.