අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට අයත් පුත්තලමේ පිහිටි නිවසක් ඊයේ (19) පොලීසිය විසින් සෝදිසි කර තිබෙයි.

නමුත් එහි තිබී ආයුධ හෝ
වෙනත් සැකකටයුතු කිසිවක් හමු නොවූ බවයි පොලීසිය දන්වා තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව, එම ප්‍රහාරය හා අන්තවාදී මුස්ලිම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇති පැමිණිලි භාර ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ පිහට වූ විශේෂ ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලක් මත මෙම සෝදිසි කිරීම සිදුකර තිබෙයි.
රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායකයි.
ඒ අනුව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් මෙම සෝදිසි කිරීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහයෝගය ඇතිවය.