https://www.gossiplankanews.com/2019/08/animal-scientific-naming-of-famous-people.html#more
මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ශ්‍රී ලංකාවේ ජාතික වීරයින්ගේ නම් හූනන්ට දැමීම ගැන සංවාදයක් ඇතිව තිබේ. මේ ගැන ඊයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙය බරපතල අපහාසයක් බවත් හූනු නම් දැමිය යුත්තේ පැරණි ජාතික වීරයින්ට නොව රනිල් මංගල වැනි අයට බවයි.
කෙසේ වෙතත් වැඩිදුර සොයාබැලීමේදී සත්ව විද්‍යාව තුළ මෙවැනි ප්‍රසිද්ධ අයගේ නම්
අලුතින් සොයාගන්නා සත්ව විශේෂයන්ගේ විද්‍යාත්මක නාම වලට ඈඳීම බොහෝ කලක සිට සිදු කරන්නක් වන අතර එම නම් තැබීමේදී අදාළ සත්වයාට පවතින සමාජ ආකල්පය හා පුද්ගලයා ගැළපීමක් සිදුකර නැති බව හඳුනාගන්නට ලැබේ.

බුදු රජාණන් වහන්සේගේ නම Buddhaites Diener නමැනි මුහුදු ජීවියෙකු නම් කිරීමට යොදාගෙන ඇත්තේ 1895 දීය. කොන්ෆියුසියස් වැනි ආගම් කර්තෘවරුන්ද ඩයිනෝසරයින්ගේ නම් වලට දමා ඇත.

නෙල්සන් මැන්ඩෙලා මකුළුවෙකුගේ නමකටද ඉන්දිරා ගාන්ධි කුරුල්ලෙකුගේ නමකටද යොදා ඇත.

 මෑත කාලීන ප්‍රකට චරිත අතර ඔබාමාගේ නම හූනන්ට, මාළුවන්ට,කුරුල්ලන්ට,මකුළුවන්ට ආදී ලෙස නව සත්ව කොට්ඨාශ දහයකට වැඩි නම් තැබීම් වලට යොදා ඇත.එසේ සැලකීමේදී ඔබාමා නමින්ද හූනෙකු සිටී.
 ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ නම ගෙම්බෙකුටත් යොදාගෙන තිබේ.

ට්‍රම්ප්ගේ නම සමණල විශේෂයකටද යොදාගෙන ඇත.
මේ ආකාරයෙන් සැලකීමේදී සත්වයන් විද්‍යාත්මකව නම් කිරීමට විශේෂ පුද්ගලයින්ගේ නම් යොදාගැනීම හුදෙක් එම නාමකරණ මතක තබාගැනීමේ පහසුව පිණිස විද්‍යාත්මක භාවිතය පිණිස උපයෝගී වන්නක් බව වටහාගන්නට ලැබේ.

ලෝක ඉතිහාසයේ අතීත හා වර්තමාන ප්‍රසිද්ධ චරිත සත්ව නාමකරණ වලට දැක්වූ ආකාරය ලැයිස්තුවක් පහතින් දැක්වේ.