ජාත්‍යන්තරයෙත් දිගින් දිගටම එලල්වන පීඩනය හමුවේ බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ පැතිර යන ලැව් ගිනි නිවා දැමීමට හමුදාව යෙදවිමට බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානොට සිදුවී ඇත. අත්ත දක්ෂිණාංශික ජනාධිපති බොල්සරාවෝ, බ්‍රසීල ආර්ථිකය නැංවීමේ අරමුණ ඇති, සමාගම් රැසකට හිතුමන්නේ ගස් කපා
දමමින් ඇමසන් වැසි වනාත්තරය එළිපෙහෙළි කිරිමට ගිනි තැබීමටත් අවසර දී ඇත. රන් ආකර රැසක් ද අමසෙන් වනාන්තරය ආශ්‍රිතව පවති.


ළැව් ගිනි පැතිර යැම වේගවන් වී මහා විනාශයක් සිදුවෙමින් පවතින්නේ ජනපතිවරයා ගත් මෙම අනුවණ තීරණය නිසං යැයි පරිසරවේදීහු චෝදනා කරති. පෘථිවියේ ජීව නාළිය ලෙස සැලකෙන ඇමෙසන් වැසි වනාන්තරය දකුණු ඇමෙරිකා රටවල් රැසක් පුරා පැතිරි පවතී.එයින් වැඩි කොටසක් අයත් ව න්නේ බ්‍රසීලයටය. පෙරේදා (24) වාර්තා වූයේ අලුත් ළැව් ගිනි 1,000 ක් පමණ ආරම්භ වී ඇති බවය.

ළැවි ගිනිවලින් නැගෙන දුමාරය අභ්‍යකාශයට පවා හොදින් පෙනෙන බව ඇමෙරිකාවේ නසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඇමසන් වනාත්තර ප්‍රදේශය අයත් බ්‍රසිලයේ ප්‍රාන්ත හයක ආණ්ඩුකාරවරුන් බ්‍රසීල ජනාධිපති බොල්සරානෝගෙන් හමුදා සහාය ලබා දෙන්නැයි ඉල්ලීම් කර ඇති බව ද වාර්තා වේ. ඇමසන් වැසි වනාන්නරයේ හටගෙන ඇති ළැව් ගිනි නිවා දැමීමට කඩිනමින් පියවර නොගතහොත්, බ්‍රසීලය අයත් ලතින් ඇමෙරිකාව සමඟ පවත්වන සියලු වෙළෙඳ ගිවිසුම් වහා අත්හිටුවන බවට ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල රාජ්‍ය නායකයන් අනතුරු අගවා ඇති බව ද විදෙස් පුවත් සේවා වාරිතා කරයි.

හමුදාව යෙදවීමට ජනාධිපතිවරයාට සිදුවූයේ මෙසේ එල්ල වන බලපෑම් සහ පීඩනය මධ්‍යයේය.ජනාධිපති බොල්සරානෝ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින්, ළැව් ගිනි නිවා දමීමට හමුදාව යොදන බව කියා සිටියේය. මේ වනවිට ඇමෙරිකාවෙන් සහ රුසියාවෙන් ගිනි නිවන ගුවන් යානා බ්‍රසීලයේ අසල්වැසියකු වන බොලිවියාවට පැමිණ ඇති බවත් බොලිවියාව දෙසින් ඇමසන් වනාන්තරයේ ගිනි නිවා දැමීමට එම දැවැන්ත ගුවන් යානා ජලය ඉසින බවත් වාර්තා වේ.

ඇමසන් වනාන්තරයේ පැතිරෙන ළැව් ගිනි සම්බන්ධයෙන් චෝදනා ලැබ බ්‍රසීල වැසියන්ගේ අප්‍රසාදයට ලක්වී සිටින එරට ජනාධිපති ජාර් බොල්සරානෝට එරෙහිව දැවැන්න වීරෝධතා රැළි රියෝ දි ජිනයිරෝ නුවරදී පැවැත්වෙද්දී,ජනපති බොල්සරානෝ විහිළුකරමින් සෙල්ෆි ඡායාරූප ගනිමින් විනෝදවන බව ද බ්‍රසීල පුවත් සේවා වාර්තා කරයි.

ජනපති බොල්සරානෝ විහිළු කර්මන්, සෙල්ෆි ඡායාරූප ගනිමින් විනෝද වුයේ බ්‍රසීලියා නුවර හමුදා මුලස්ථානයේ රණවීරු සැමරුමට එක්වුණු අවස්ථාමථිදීය. ජනපතිවරයාට එරෙහිව රියෝ දි ජිනැයිරෝ නුවර පැවැත්වුණු විරෝධතවට දහසකට ආසන්න බ්‍රසීල වැසියෝ පිරිසක් සහභාගී වී  සිටියහ.