2018 අ.පො.ස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර තුනක් යටතේ ආරම්භ කිරීමටනියමිත අතරඑහි පළමු අදියරේ කටයුතු 2019 අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 13 දක්වා
ඇගයිම් මණ්ඩල 498 ක දී
ගුරුවරුන් 8466 කගේ සහභාගීත්වයෙන් සිදු වෙනු ඇත.
මේ කාලය තුළ වසනු ලබන පාසල් සංඛ්‍යාව 26 කි.
එම පාසල් මෙම වසරේ තෙවන වාරය සඳහා 2019 සැප්තැම්බර් 16 වන දින නැවත ආරම්භ වීමට නියමිතය.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පාසල් 39 ක දී සිදු කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව 2019 අගෝස්තු 15 වන දින සිට අගෝස්තු 20 වන දින දක්වා ඇගයීම් මණ්ඩල 436 ක් යටතේ ගුරුවරුන් 6976 කගේ සහභාගීත්වයෙන් සිදු වෙනු ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගයේ පළමු අදියරෙහි ඇගයිම් කටයුතු සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු සඳහා යොදා ගනු ලබන පාසල් ලේඛනය පහතින් දැක්වෙයි.