https://www.gossiplankanews.com/2019/08/Alaina-respond-gotabaya-list.html
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇමරිකානු පුරවැසිකම් අතෑරිය අය දක්වා තිබෙන අගෝස්තු ලැයිස්තුවේ සටහන් නොවීම පසුගියදා කථාබහට ලක් විය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී
මෙරට ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් ඊයේ (19) කියා සිටියේ ෆෙඩරල් ලේඛනය කෙනෙකුගේ පුරවැසිභාවය අත්හැරීමට මාස ගණනක් පිටුපසින් සිටිය හැකි බවයි. ඒ අනුව ඔහුගේ නම ඇතැම්විට පසු ලේඛනයක සදහන් විය හැකි බවයි. නමුත් මෙම ප්‍රකාශය ඇය සිදු කළේ නිල වශයෙන් නොවන බවද

ඒ සමගම දන්වා සිටියාය.

තෝරාගත් ජනමාධ්‍යවේදීන් පිරිසක් සමඟ සිය නිවසේ පැවති අන්තර් ක්‍රියාකාරී සැසියකදී ඇය මේ බව කියා තිබෙන අතර ඒ ගැන අද ඩේලි මිරර් පුවත්පතේ සටහන්වී තිබේ.

ඇය දක්වා සිටින්නේ  පුරවැසිභාවය අත්හැරීම පරිපාලන ක්‍රියාවලියක් බවත් පුරවැසිභාවය අත්හරින්නට ඉල්ලන අයට එය ලබාදීම හෝ නොදීම හෝ ප්‍රමාදවීම ගැන දන්නේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පමණක් බවත් කෙනෙකුගේ නමක් සම්බන්ධයෙන් කාරණා රහස්‍ය වන නිසා පුද්ගලික පැහැදිලි කිරීමක් කිරීමට ඔවුන් බැඳී නොසිටින බවයි.

ගෝඨාභය රාජපක්ෂගේ නමට කුමක්වීද යන්න ගැන නිල පැහැදිලි කිරීමක් කිරීම ඇය ප්‍රතික්ෂේප කර තිබේ.